ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික, ආගමික, සංහිදියාවට බාලදක්‍ෂ ව්‍යාපාරයෙන් ලැබෙන පිටුවහල ඉතා ප‍්‍රශංශනීයයි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    පෙබරවාරි 25, 2016
    ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයට සමගාමීව ම ආරම්භ කරනු ලැබූ ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය අද මහත් වෘක්ෂයක් ලෙසට වර්ධනය වීම ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අපට මහත් අභිමානයක් ගෙන දෙන්නක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
    ඒ මහතා මෙම අදහස් දැක්වූයේ 9 වෙනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරියට සහ යාපනය දිස්ති‍්‍රක් බාලදක්‍ෂ ශත සංවත්සර උත්සවයට සහභාගීවෙමින් යාපනය මධ්‍ය විදුහල් කී‍්‍රඩාංගනයේ දී පැවැති උත්සව සභාව අමතමින්ය.
     
    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශී‍්‍ර ලංකාවේ පාසල් දරුවන්ගෙන් විශාල පිරිසක් කිසිදු බේදයකින් තොරව බාලදක්‍ෂ ව්‍යාපාරය සම්බන්ධව එකා මෙන් කටයුතු කිරීම සැමගේ ගෞරවයට ලක්විය යුතුය. බාලදක්‍ෂ ව්‍යාපාරය තුළින් තරුණ පිරිස ආගමික, ජාතික, සංස්කෘතික සංහිදියාව පිළිබදව විශිෂ්ඨ අවබෝධයක් බාලදක්‍ෂ ව්‍යාපාරය තුලින් ලැබීම ප‍්‍රශංසනීය කටයුත්තකි. විශේෂයෙන් අප තුළ ගොඩ නැගෙන විවිධ ගැටළු හා ප‍්‍රශ්ණ වලට ඉතා යහපත් විසදුම් මේ තුලින් ලැබීමද බාලදක්‍ෂ ව්‍යාපාරයේ සුවිශේෂී ගුණාංගයක් ලෙස දැක්විය හැකිය.
     
        එසේම දරුවන්ගේ කුසලතා ප‍්‍රවර්ධනයටත්, දක්‍ෂතා ගොඩනගා ගැනීමටත් තෝතැන්නක් බවට  බාලදක්‍ෂ ව්‍යාපාරය අද පත්ව ඇතැයි වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya