ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය තොරතුරු භාවිතයට නව ව්‍යාපෘතියක්

    පෙබරවාරි 25, 2016

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු භාවිතය සහ ඒවායේ ගුණාත්මකභාවය නගා සිටුවවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නව ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

    මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර සංවිධානයක් වන බ්ලූම්බර්ග් ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර සහයෝගීතාවය මත කි‍්‍රයාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම  සඳහා දත්ත භාවිත කිරීම පිළිබඳව මෙම ව්‍යාපෘතිය මගින් ක‍්‍රමෝපායන් දියත් කරන අතර ලොව පුරා රටවල් 20ක පමණ මෙම ව්‍යාපෘතිය මේ වනවිට ක‍්‍රියාත්මක වෙයි. ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීමට ඉලක්ක කර ඇත්තේ අරමුණු  දෙකක් මත ය.

    පළමු අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යි. ශ‍්‍රී ලංකාවේ මරණ සහ ඒවාට හේතුවන සාධක පිළිබඳව නිසියාකාරව ජාත්‍යන්තර ප‍්‍රමිතියකට අනුව ලියාපදිංචි කිරීම මෙමගින් සිදු කිරීමට අපේක්‍ෂිත ය.  දෙවන අරමුණ වන්නේ  සෞඛ්‍ය මූලධර්ම හා ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු වඩාත් සුදුසු ලෙස භාවිත කිරීම යි. එමගින් දත්ත විශ්ලේෂණය කිරීම, එම විශ්ලේෂිත දත්ත උසස් මට්ටමින් භාවිත කර සෞඛ්‍ය සේවයෙහි ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රමුඛතා තීරණය කිරීම සිදුවෙයි.

    ලෝකයේ මහජන සෞඛ්‍යට සම්බන්ධව ක‍්‍රියාත්මකවන ආයතනයක් වන බ්ලූම්බර්ග් සංවිධානය ඇමරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති අතර  ඕස්ටේ‍්‍රලියානු රජය මගින් පිරිනමන ආධාර මුදල් හා පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් මත එය ක‍්‍රියාත්මක වෙයි.

    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ බ්ලූම්බර්ග් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය අඩම් කරපටි මහතා අතර මෙම ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya