ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානය - ගාල්ල

    පෙබරවාරි 26, 2016
    ගාල්ල දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානය බලගැන්වීම සඳහා සිවිල් සංවිධාන දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා  සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    මේ අවස්ථාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ‘හෙල්දි ලංකා‘ ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙරට වැඩිහිටි පිරිමි ජනගහනයෙන් 40% ක් සහ කාන්තාවන් 2% ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වී ඇති බවත් වැඩිහිටියන්ගෙන් සෑම ලක්ෂයකටම 33.4 කට මධ්‍යසාර භාවිතයෙන් හටගන්නා සිරෝසීස් රෝගය වැලදී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 
     
    එමෙන් ම මෙරට රෝහල් හි ඇඳන් වලින් 20% ක ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් ගිලන් වූ රෝගීන්ගෙන් පීරී ඇති බවත් එක ගමකින් වසරකට කෝටි 1.5 ක මුදලක් මෙම මත් ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා වැයවන බවට හෙල්දි ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ චාමික ජයසිංහ මහතා විසින් අනාවරණය  කරන ලදී. 
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව නියෝජනය කරමින් නිජෝජිතයින් රැසක් ද සහභාගී වී සිටියහ. 
     
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya