ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    පෙබරවාරි 26, 2016
    "ළමා අපයෝජන වැළැක්වීමෙහි ලා ගුරු භුමිකාව" යන මැයෙන් සංවිධානය කෙරුණු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා ගාල්ල අමරසූරිය ගුරු විද්‍යාලයේ දී පැවැත් විණි.
    ළමා අපයෝජන වළක්වා ගැනීම, අපයෝජනයට පත් වූ දරුවන් හඳුනාගැනීම සහ උපදේශනය , ළමා අයිතිවාසිකම් පිළිබඳව නීති සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන හඳුනාගැනීම මේ යටතේ සිදු විය.
     
    1929 ළමා උපකාර සේවාව හඳුන්වා දීම මෙහි දී ප්‍රමුඛ විය. අන්තර්ජාල සුරැකුම් ක්‍රමවේද සහ වින්ධිත දරුවන් සුරැකීම පිළිබඳව ද මෙහිදී අදහස් පළවිය.
     
    මේ අවස්ථාව සඳහා ගුරු පුහුණු සිසුන් 200 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිය හ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. තරංගා වීරසිංහ, වසන්ති රත්නායක සහ ගීත් ප්‍රේමරත්න යන නිලධාරීන් විසින් මෙහිදී දේශන පැවැත් වූහ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya