ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විගමණික පවුල්වල දරුවන් 4,592 ක් සදහා රුපියල් ලක්ෂ 844 ක ශිෂ්‍යත්ව පිරිනැමේ

    පෙබරවාරි 27, 2016
    2015 වසර සදහා විගමණික පවුල්වල දුදරුවන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය රුපියල් ලක්ෂ 844 ක ශිෂ්‍යත්ව ලබා දී ඇත.
    මෙම ශිෂ්‍යත්ව ලබා දෙන්නේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා රු.15,000 ක්ද , සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් වෙනුවෙන් රු.20,000 ශිෂ්‍යත්වයක්ද විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබු දරුවන් වෙනුවෙන් රු.30,000 ශිෂ්‍යත්වයක්ද කාර්යංශය ලබා දී ඇත.
     
    මෙම ශිෂ්‍යත්වද ලබා ගැනීමට මෙම දරුවන්ගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු කාර්යංශයේ ලියාපදිංචිවී විදේශ රැකියාවක නියුතු විය යුතුය. ඒ අනුව 2015 වසර සහා 4,592 දෙනෙකු සදහා මේ වන විට ශිෂ්‍යත්ව ලබා දී තිබේ.
     
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් සමස්ත දිවයිනම ආවරණය කරමින් මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන 
    ක්‍රියාත්මක කරන ලදී.
     
    මෙම වැඩ සටහනට අමතරව විගමණික පවුල්වල ශිෂ්‍යත්ව නොලබන  දු දරුවන් සදහා විශේෂ වැඩ සටහන් ඉදිරියේදී ශ්‍රමික සුරැකුම් වැඩ සටහන යටතේ ආරම්භ කරන බවද තලතා අතුකෝරාළ මහත්මිය පවසයි. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya