ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය බිඳ වැටීම සෙවීමට විශේෂ කමිටු දෙකක්

    පෙබරවාරි 26, 2016

    හදිසියේ ඊයේ (25) සිදු වූ විදුලිබලය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ කමිටු දෙකක් පත් කළ බවත් ඊයේ දිනයේදීම පැය කිහිපයක් තුළ ජාතික විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් වූ බවත්  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අභ්‍යන්තර හා බාහිර වශයෙන් මෙම කමිටු දෙක පත් කර තිබෙන අතර අභ්‍යන්තර කමිටුවේ වාර්තාව සතියක් ඇතුළත ලබාදිය යුතු බවත් බාහිර කමිටු වාර්තාව මාසයක් ඇතුළත ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඊයේ ඇති වූ විදුලිය බිඳවැටීම අසාමාන්‍ය කාලගුණ තත්ත්වයක් තුළ ස්වභාවිකව සිදු වූවක් බව ද පැවසීය.


    නොරොච්චෝලයේ සිට  කොළොන්නාව දක්වා ඇති විදුලි රැහැන් පද්ධතිය විදුලිසැර වැදීම හේතුවෙන් අකුණු සන්නායක ක්‍රියාත්මක වී එම විදුලිරැහැන් පද්ධතිය අක්‍රිය වූ බවත් එම විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්වීමට දින 3ක් වැනි කාලයක් ගත වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ලබන සඳුදා දින තෙක් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නොරොච්චෝල විදුලි බලාගාරයට කිසිදු හානියක් සිදු වී නැති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya