ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුව පෙරළන්න කිසිම හැකියාවක් නෑ- අමාත්‍ය මහින්ද අමරවීර

    මාර්තු 03, 2016

    ආණ්ඩුව පෙරළන්න කිසිම හැකියාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.


    ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරක සභාව රැස්වුණා. පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, පක්ෂය බිම් මට්ටමින් ප්‍රතිසංවිධානය කරන්න,ප්‍රතිසංවිධාන රැස්වීම් මාලාවක් ආරම්භ කරන්නට.

    තරුණ බලමුළු කැඳවීම,ආරම්භ කළා.රැස්වීම් අසන 47ක අවසන් කළා. ඒ අනුව ඉදිරියේ දී  දිස්ත්‍රික් මට්ටමින් පක්ෂය ශතිමත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ අනුමැතිය ලැබුණා.


    උතුරේ තරුණයන්ගෙන් පක්ෂයට විශාල ඉල්ලුමක් තිබෙනවා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා විශලා ජනතා ප්‍රසාදයක් තිබෙනවා. එදා පක්ෂය ජාතිවාදී පක්ෂයක් ලෙස හංවඩු ගැහුවා. නැවත ඒ ජනතා ප්‍රසාදය අපට ලැබෙමින් පවතිනවා.

     

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉල්ලුම්පත් 10,300ක් ලැබී තිබෙනවා. ඔවුන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස කීපයතුළ ආරම්භ කරනවා. දිස්ත්‍රික් මට්ටමින් තරුණයින් විශාල පිරිසක් ඉල්ලුම්කර තිබෙනවා.පළාත් පාලන  මැතිවරණය පැවැත්වෙන ඕනෑම අවස්ථාව ඊට මුහුණ දීමට සූදානම් වී කටයුතු කරනවා.

     

    අතිගරු ජනාධිපතිතුමා පක්ෂය විනාශ කිරීමට කටයුතු කළේ නෑ.වසර හයක් මේ රටේ ජනාධිපතිතුමා,මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි.එතුමාගේ පාලනය කාලය තුළ, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා, හා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා.කාටවත් එතුමා එළවන්න පුළුවන්ද?


    ආණ්ඩුව පෙරළන්න කිසිම හැකියාවක් නෑ.ඒ තීන්දුව ගන්න පුළුවන් වන්නෙත් ජනාධිපතිතුමාට පමණයි.පක්ෂයට වඩා රට උතුම්. මේ රට දකුණු ආසියාවේ දියුණුම රටක් කිරීමටයි බලපොරොත්තු වන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya