ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ අසිරිය විඳගන්න නව බෝට්ටු සේවාවක්

    මාර්තු 09, 2016
    කොළඹට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට කොළඹ අවට පරිසරය නැරඹීම සඳහා නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට තිරසර සංවර්ධන හා වනජීවී  අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
    පසුගියදා බත්තරමුල්ල දියත උයනෙන් නාවික හමුදා බෝට්ටු මඟින් සංචාරය ඇරඹූ එතුමන් වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පිඹුරුපත් සැකසීමට අවශ්‍ය උපදෙස් ලබාදුණි. මෙම නව වැඩ පිළිවෙළ සඳහා සහයෝගය ලබා දීම පිණිස නෙදර්ලන්ත තානාපතිනිය වන ජෝඈන් ඩූර්නේවෝඩ් මහත්මිය ද මෙම සංචාරය සඳහා සහභාගී විය.
     
    මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කැසිනෝ නයිට් ක්ලබ් වලට පමණක් සීමා වුණු කොළඹ නගරයට අළුත් තේමාවක් සහ නව වැඩ පිළිවෙළක් යොදා ගනිමින් සංචාරකයින් සතුටු කළ හැකි බව පැවසීය. යෞවන යෞවනියන් හට තැන් තැන් වල කාලය ගෙවනවාට වඩා නිදහස් සෞන්දර්ය විඳීමට කිසිවෙකුගෙන් මෙවැනි තැන්වල බාධාවක් නොමැති බවත් කඩිනමින් මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya