ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හදිසි විදුලිය බිඳවැටීම් වාර්තා 22 දා ජනපතිට

    මාර්තු 16, 2016

    හදිසි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පත් කළ කමිටුවලින් ලබාගත් තොරතුරු සමාලෝචනයකර සාදන ලද කෙටි කාලින හා දිගු කාලීන විසඳුම්  වාර්තාව ලබන  22 වන ද  වන විට ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට බාරදීමට,  දීමට නියමිත බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    හදිසියේ විදුලිය බිඳවැටීම සම්බන්ධ අමාත්‍ය කමිටුව පළමු වතාවට  රැස් වූ අතර ලබන බ‍්‍රහස්පතින්දා නැවතත් මෙම කමිටුව රැස්වීමට නියමිත බව රංජිත් සියඹලාපිටිය මහතා  සඳහන් කරයි.


    විශේෂයෙන් මෙයට අදාළ විද්වත් පිරිස එම දිනයේදී සාකච්ඡා  සඳහා කැඳ වීමටන නිමිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ලබන 21 වන සඳුදා වන විට  වනවිට මේ සම්බන්ධයෙන් පත්කළ අනිකුත් කමිටු වාර්තා අමාත්‍යාංශයට ලැබීමට නියමිත බව ද පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා සමස්ත දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැට්ම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සහ මෙම තත්ත්වයයන්ට කෙටි හා දිගුකාලීන විසඳුම් සොයාබැලිම සඳහා ජනාධිපතිතුමා විසින් පත්කළ අමාත්‍ය කමිටුවේ පළමු රැස්වීමේදීය. මෙම අමාත්‍ය කමිටු රැස්වීම,  ඊයේ (15) පස්වරුවේ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් පැවැත්විණි.

     

    විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් අමාත්‍ය කමිටුව පත් කර තිබෙන අතර එම කමිටුවට  පාඨලී චම්පික රණවක , සුසිල් පේ‍්‍රමජයන්ත , සාගල රත්නායක , එරාන් වික‍්‍රමරත්න  සහ නියෝජ්‍ය  අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විතය.

     

    හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සතියක් තුළ කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් කිරිම සහ මාස 03ක් ඇතුළත දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරුණ වගකීම වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya