ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ පවතින ගැටලු ගැන අවධානය

    මාර්තු 17, 2016

    කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහ කොරියාවේ ජාතික ධීවර සංගමයේ සභාපති Kim Im Kweon මහතාගේ  සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

     

    කොරියාවේ සෝල් නගරයේ ජාතික ධීවර සංගම් මූලස්ථානයේදී  එම සංගමයේ නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

     

    කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ‍්‍රමිකයින්ට පවතින ගැටලු සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යවරිය කොරියාවේ ජාතික ධීවර සංගම් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

     

    එහිදී එම නිළධාරීන් පවසා සිටියේ කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ‍්‍රමිකයින්ට ලබාදෙන පුහුණුව සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් අවධානය යොමුකළ යුතු බවයි. ඉදිරියේදී තවදුරටත් කොරියාවේ ජාතික ධීවර සංගමය සමග සබඳතා ශක්තිමත් කර ගතයුතු බව අමාත්‍යවරිය සඳහන් කර ඇත.

     

    මෙම අවස්ථාවට  ශ‍්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර, තානාපති කාර්යාලයේ කවුන්සිලර් පි‍්‍රයන්ත සේනානායක, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බඳවාගැනීම් අංශයේ කළමණාකරු කේ.එස්. පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya