ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රජය වී මිලදී ගැනීම අරඹයි. වැඩිම මිලදී ගැනීම අම්පාරෙන්........

    මාර්තු 18, 2016
    රජය මේ වන විට මහකන්නයේ වී මිල දී ගැනීම ප්‍රධාන වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක 19ක අරඹා ඇත.මෙවර වී මෙට්‍රික්ටොන් 160,000 (එක්ලක්ෂ හැට දහසක්) මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය අපේකෂා කරන අතර ඊයේ දිනය වන විට දිවයින පුරා ඇති වී ගබඩා මගින් මෙට්‍රික්ටොන් 20,000 ක් පමණ මිලදී ගෙන තියෙනවා.ඉන් වැඩි වී අස්වැන්නක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.එය මෙට්‍රික්ටොන් 7,000ක් යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසිය.
    මේ සදහා ගොවියන් හට ගෙවීම් ඉදිරි දින කිහිපය තුල ලංකා බැංකුව හා මහජන බැංකුව මගින් ගෙවීමට නියමිත අතර ඒ සදහා වු ගිවිසුම් හෙට දින වී අලෙවි මණ්ඩලය හා බැංකු අතර අත්සන් කිරීමට ද නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    අද දින වී අලෙවි මණ්ඩලයේ ප්‍රදේශිය කළමණාකරුවන් හා පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙසේ පැවසීය. 
     
    පසුගිය යල කන්නයේ වී අලෙවි මණ්ඩලය මිලදීගත් වී තොග ටෙන්ඩර් කැදවීම මගින් ඉදිරිපත් වු ආයතන වෙත මෙට්‍රික්ටොන් 100,000 ක් ද වී  සහල් කිරීම සදහා වී මොල් වෙත මෙට්‍රික්ටොන් 30,000ක් ද සහල් පිටි කිරීම සදහා මෙට්‍රික්ටොන් 5,000ක් ද ලෝක ආහාර වැඩසටහන සදහා මෙට්‍රික්ටොන් 3,000ක් ද නිකුත් කර ඇත. ඉතිරි වී තොග මිල දී ගැනීම සදහා නව ගැනුම් කරුවන් මේ වන විට අදාල මුදල් වී අලෙවි මණ්ඩලය වෙත ගෙවා ඇති බවත් , එම සියළු වී තොග ඉදිරි දින කිහිපය තුල දී ගබඩා වලින් ඉවත් කරන බවත් , මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සදහා ගබඩා 325 ක් පමණ සුදානම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
     
    මෙවර රජය මහ කන්නයේ වී නිෂ්පාදන මිලදී ගැනීමට සියළු කටයුතු සුදානම් කරමින් සිටින අතර , රජය මගින් ලබා දී ඇති සහතික මිල වන නාඩු කිලෝව රුපියල් 38 ද , සම්බා රු.41 ටද , කීරි සම්බා රු.50 ටද වන මිල ගණන් යටතේ පෞද්ගලික අංශයට ද වී මිල දී ගැනීමට අවශ්‍ය නීතී රීතී ගෙන ඒමට කටයුතු කරන බව මෙහි දී අමාත්‍යවරයා පැවසීය.
     
    යහපාලන රජය දුන් පොරොන්දු අනුව කටයුතු කරමින් , පසුගිය රජය වී ගොවියාට කල අසාධාරණකම් නිමා කරමින් , වී ගොවියාගේ අනාගත සුරක්ෂිතභාවය ඇති කරලීමටත් ඔවුන්ගේ ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමටත් ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු යහපාලන රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ලේකම් රේණුකා ඒකනායක ,වී අලෙවි මණ්ඩලයේ  සභාපති බී.එම් දිසානායක මහතා ඇතුළු නිළධාරීන් එක්ව සිටියහ.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya