ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්වල එන්නත් කටු හිඟියක් නැහැ

    මාර්තු 18, 2016

    දිවයින පුරා රෝහල්වල එන්නත් කටු හිඟයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කරයි.

    රෝහල්වල මිලිලීටර් 5 සහ 10 ප‍්‍රමාණයේ එන්නත් කටුවල හිඟයක් ඇති බවට මාධ්‍ය පළ කළ වාර්තා ප‍්‍රතික්ෂේප කරන වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා 2016 වසරේ දී ප‍්‍රමාදයකින් තොරව එන්නත් කටු රෝහල්වලින් ඉදිරිපත් වූ ඉල්ලීම් මත නිකුත් කර ඇති බව ප‍්‍රකාශ කරයි.

     

    වෛද්‍ය සැපයීම් අංශයේ වාර්ෂික ඇනවුම් ප‍්‍රමාද වුවද ප‍්‍රාදේශීය මිලදී ගැනීම් හා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ලැබුණු  පරිත්‍යාග තොඟයක් යොදා ගනිමින් රෝහල්වලට එන්නත් කටු ලබා දී තිබේ. මිලීලීටර් 5හි  එන්නත් සිරින්ජර ඇනවුම් කර ඇති සංඛ්‍යාව 34,289,000 කි. එසේම මිලීලීටර් 10 එන්නත් සිරින්ජර වාර්ෂික ඇනවුම් සංඛ්‍යාව 28,434,000 කි. මේ අතරින් ඇනවුම් කිහිපයක් මේ  වනවිට ලැබී ඇති අතර, මිලීලීටර් එන්නත් සිරින්ජර 991,400 ක් සහ මිලීලීටර් 10 එන්නත් සිරින්ජර 157,000 ක් පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් ලැබුණ බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කරයි.

     

    මෙම තොගයෙන් කොළඹ ජාතික රෝහලට පමණක් මිලීලීටර් එන්නත් සිරින්ජර 112,000 ක් ලබාදී ඇති අතර, මිලීලිටර් 10 එන්නත් සිරින්ජර මාස 04 ක තොගයක් ජාතික රෝහල සතුව පවතී.

     

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වාර්ෂික ඇනවුම කඩිනමින් ලබාදුන් පසු එම එන්නත් කටු ද රෝහල්වලට බෙදාහරින බව ද වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya