ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විදුලි ඇමති හා විදුලි සේවක සංගමයේ විශේෂ හමුවක්

    මාර්තු 20, 2016

    ලංකා විදුලි සේවක සංගමයේ නිළධාරීන් හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (19) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මෙහිදී වර්තමානයේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර, එම ගැටලු විසඳා ගැනීම සඳහා සේවක සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව ලංකා විදුලි සේවක සංගමයේ නිළධාරින් පැවසීය.

     

    එමෙන්ම කෙටිකාලීන හා දීර්ඝකාලීන වශයෙන් විදුලිබල මණ්ඩලය නගා සිටුවීම සඳහා වන යෝජනා රැසක් රංජන් ජයලාල් මහතා ප‍්‍රමුඛ ලංකා විදුලි සේවක සංගමයේ නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනා සම්බන්ධයෙන් කි‍්‍රයාකාරී අවධානය යොමුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya