ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොරියාවේ රැකියාවෙන් පසු පැමිණෙන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයෙන් විශේෂ වැඩසටහන්

    මාර්තු 21, 2016

    දකුණු කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සිය රැකියා කාලසීමාව අවසානයේදී මෙරටට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය ඉදිරියේදී ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය පසුගිය දා කොරියාවේ සිදුකළ සංචාරයේදී එරට සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මුණගැසුණු අවස්ථාවේදී  මේ බව ප‍්‍රකාශ කර තිබේ.


    වසර 5ක් සේවය කර දිවයිනට පැමිණෙන ඒ ශ‍්‍රමිකයින් උපයාගෙන එන මුදල් නිසි ලෙස ආයෝජනය කරන්නේ කෙසේද, ආයෝජනය සඳහා අවස්ථා ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සරිලන මෙරට ව්‍යාපාරික අවස්ථාවන් හා උපරිම පහසුකම් ලබාදීමට ඉදිරියේදී රජයක් ලෙස විදේශ රැකියා අමාත්‍යංශය මැදිහත් වී මුදල් අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය එක්ව ඉදිරියේදී සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

     

    විශේෂයෙන් පසුගිය කාලයේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් දිවයිනට පැමිණ ඔවුන් රැගෙන එන මුදල් විධිමත් ලෙස ආයෝජනය නොකළ නිසා ඔවුන්ට නැවතත් ආර්ථිකමය ගැටළු පැනනැගුණු අවස්ථා තමන් දුටු බව අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය.

     

    මෙම අවස්ථාවේදී එරට රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් අමාත්‍යවරියගෙන්  ඉල්ලා සිටියේ දිවයිනට පැමිණ තමන්ගේම ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමට තමන් කොරියාවේදී භාවිතාකළයන්ත‍්‍ර සූත‍්‍ර පහසු මිළකට ලංකාවට ගෙන යෑමට අවස්ථාවක් උදා කර දෙන ලෙසයි.

     

    එසේම තම ගැටළු සොයාබැලීම සඳහා තමන්ගේ වැඩබිම් වෙත විදේශ රැකියා අමාත්‍යවරිය පැමිණීම සම්බන්ධව සතුට පලකළ අතර, තමන් ශ‍්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන සහයෝගය පිළිබඳව සතුටුවන බවද පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya