ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඇල්පිටිය මහජන ක්‍රීඩා පිටිය සංවර්ධනය සිදුකරන ආකාරය පිළිබදව වාර්තාවක් ලබාදෙන්න

    මාර්තු 21, 2016

    ඇල්පිටිය මහජන ක්‍රීඩාපිටිය සංවර්ධනය සිදුකරන ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය දා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

     

    ඇලිපිටිය නගරය මධ්‍යයේ පිහිටි ඇල්පිටිය මහජන ක්‍රීඩා පිටිය සංවර්ධනය කරනවා කියමින් මේ වන විට සිදුකරගෙන යන ක්‍රියාව පිළිබදව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් ඇනුවත් වී නැහැ. එහි අයිතිය තිබෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවවත් දැනුවත් වී නැහැ. මේ වෙනුනේ රුපියල් ලක්ෂ 200ක් වැය වන බව කියනවා, රුපියල් ලක්ෂ 300ක් වැය වෙනවා, කියනවා. කිසිම කෙනෙක් නිසි අවබෝධයක් නැතුවයි එහි කටයුතු සිදුවන්නේ.


    මෙම මහජන ක්‍රීඩා පිටිය කුමන සැලසුමකට අනුව සිදුවනවාද යන්න පිළිබදව තොරතුරු නැහැ. ඒ නිසා සැලසුමක් නැති ප්‍රතිපාදන එන මාර්ගයක් නොමැති මෙම කටයුත්ත සිදුවන ආකාරය පිලිබදව වහාම සොයා බලා ඒ කටයුත්ත සිදුකරන අය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්ථාව ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කරන්න.

     

     ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්ථාවක් එවන ලෙස ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් වෙත දන්වා යවන්න  '' යැයි  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya