ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "ඔටිසම්" පිළිබඳ දැනුවත් කිරීමක්

    මාර්තු 29, 2016
    ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය අප්‍රේල් මස 02 වන දිනට යෙදී ඇත.
    ඒ නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්  අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී පැවැත්විණි.  
     
    ඔටිසම් යනු දරුවකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයක් බවත් ජාන හා පාරිසරික තත්වයන්ගේ අන්තර් ක්‍රියා මෙම රෝගය ඇති වීමට බලපාන බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා මෙහිදී පැවසීය.
     
    මෙම තත්ත්වය අවම කිරීම සදහා මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් හා දැනට මානසික රෝග අංශයෙහි වෛද්‍යවරුන් එක් කර ගනිමින් වැඩ සටහන් රැසක් දියත් කර ඇති බවද මහීපාල මහතා මෙහිදී පැවසීය.
     
    ශික්ෂණ රෝහල් හා පළාත් රෝහල් වල සායන ඇති කිරීමටත් මුල්ලේරියාව රෝහලේ  පළමු ඒකකය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් සෑම දිස්ත්‍රික්කයකටම එක් අයෙක් බැගින් පත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය මහීපාල මහතා තවදුරටත් පැවසීය.
     
    වසරකට බිහිවන දරුවන්ගෙන්  1% ක් මෙම රෝගයට ගොදුරු වන බවත් එනම් වසරකට උපදින දරුවන් 375,000 ගෙන් 3,750 කට මෙම තත්ත්වය ඇතිවන බවත් දරුවන් පරීක්ෂා කිරීම තුලින් මෙම රෝග තත්ත්වය හදුනා ගතහැකි බවත් මෙහිදී අදහස් දක්වමින්  විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.
     
    විශේෂ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙහිදී අදහස් දක්වමින් 2020 වන විට මෙම රෝග තත්ත්වය 50 % කින් පමණ වැඩිවනු ඇතැයි අනුමාන කරන බවත් ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගතහැකි බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ,මහාචාර්ය රම්‍යා ද සිල්වා,වෛද්‍ය නීල් තලගල යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ. 
     
    AP
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya