ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නව වී ගබඩා 200 ක් හා මහා පරිමාණ වී මොල් 4 ක් ඉදි කිරීමේ සැලසුමක්

    මාර්තු 30, 2016
    ඉදිරි වසර තුල ලංකා බැංකු සහ පෞද්ගලික බැංකු ආධාර යටතේ නව වී ගබඩා 200 ක් හා මහා පරිමාණ වී මොල් 4 ක් කිලිනොච්චිය, කුරුණෑගල, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ඉදිකිරීමට ද සැලසුම් සකස් කරමින් සිටින බවඉදිකිරීමට අප බලාපොරොත්තු වන බව  ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
    මෙයට අමතරව ඒ මඟින් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවීමටත් සතොස, සමුපකාරය, යුධ හමුදාව හා පොලීසිය වැනි ආයතන වලට අවශ්‍ය සහල් සපයන්නත් හැකියාව ලැබෙනවා.එවිට පිට රටින් සහල් ආනයනය සම්පුර්ණයෙන් නතර කරනවා යැයි ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා අම්පාර කොහොඹාන,පාලම් කදවුර ප්‍රදේශවල වී මිළ දී ගැනිම නිරීක්ෂණයට එක්වෙමින් පැවසීය.
     
    ඉස්සර ගොවීන් තුන් හාරසීයක් වී ටික විකුණ ගන්න ගබඩා ළඟ පොළිම් ගැහිලා දවස් ගානක් රස්තියාදු වුණා.ඒ ක්‍රමය නැති කරන්න තමයි මේ පාර අපි දවසකට ගොවීන් 40කට 50කට අයදුම්පත් දීලා මිලදී ගන්න තීරණය කරේ.අද වන විට වී විකිණිමෙන් පස්සේ සති ගණන් සල්ලි ගන්න බැංකුවේ රස්තියාදු වෙන්න ඕනෙ නෑ.අද ගබඩාවට වී දුන්නොත් හෙට බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි දැන් හදලා තියෙන්නේ.මේ වන විට මධ්‍යස්ථාන 325කින් පමණ වී මිලදී ගන්න සුදානම් කරලා තියෙනවා.
     
    ඉදිරියේදී අපි සැලසුම් කරනවා වී ගොවියාට වී ගොවිතැන මතම යැපෙන්නේ නැතිව ඊට වඩා වැඩි ආදායම් උපදවා ගත හැකි භෝග නිෂ්පාදනයට දායක කර ගන්න.මේ සඳහා ගම් මට්ටමින් ගොවියා දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.උදාහරණයක් ලෙස කීවොත් අප රටේ සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රක්ටොන් ලක්ෂ 4ක් පමණ වෙනවා.නමුත් දේශියව නිපදවන්නේ ලක්ෂ 2ක් පමණයි.ඉතිරි ලක්ෂ දෙක ආනයනය කිරීමට අපට බිලියන 4ක් පමණ වැය වනවා.සෝයා බෝංචි ආනයනය සඳහාද වසරකට බිලියන 16ක් පමණ වැයවනවා.ඒ නිසා වතුර අඩුවෙන් ඇති ප්‍රදේශ වල මෙම භෝග වගා කිරීමෙන් ගොවියාට විශාළ ආදායමක් ලබා ගත හැකි අතර ඒ සඳහා වු සැලසුම් අපගේ අමාත්‍යංශය මඟින් මේ වන විට සකස් කරමින් පවතිනවා..  
    වර්තමාන දේශපාලනය පිළිබදව එහිදී මාධ්‍යෙව්දීන්ට අදහස් දැක්වු අමාත්‍යවරයා....
     
    මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය කාර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, වී අලෙවි මණ්ඩලයේ සමාන්‍යාධිකාරි සහ ප්‍රදේශීය කළමනාකරුවන් සහභාගී විය.
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya