ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ට්ව්ටර් ගිණුමෙන්

    මාර්තු 31, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සතු සංඛ්‍යාති යාවත්කාලීන කර නිකුත් කිරීම සඳහා සමාජ මාධ්‍යයන් යොදා ගැනීම ආරම්භ කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව සංඛ්‍යාති නිකුත් කිරීමේ ක්ෂණික යාවත්කාලීන කිරීම් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම @LankaSTAT හා සම්බන්ධ වී ලබා ගැනීමට මේ අනුව දත්ත පරිහරණය කරන්නන්ට අවස්ථාව ලැබේ.

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් දත්ත භාවිත කරන්නන් විශාල සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ශිෂ්‍යයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් ,පර්යේෂකයන්  සහ අන්තර්ජාතික ආයතන ආදිය වෙත සමාජ ආර්ථික සහ ප්‍රජාවිද්‍යාත්මක සංඛ්‍යාති, සපයනු ලැබේ.

     

     එසේම දෙපාර්තමේන්තුව විසින් විවිධ මූලයන් යටතේ එනම් සංගණන, සමීක්ෂණ සහ පරිපාලනමය වාර්තා වශයෙන් සංඛ්‍යාති පිළියෙළ කෙරේ.

     

    වර්තමානයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සංඛ්‍යාති සහ විවිධ වූ සංඛ්‍යානමය වාර්තාවන් නිකුත් කිරීම සඳහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන, නිල වෙබ් අඩවිය සහ ජන මාධ්‍යන් භාවිතා කරයි.

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ජාතික පාරිභෝගික මිළ දර්ශකය (NCPI)  පිළිබඳව 2016 පෙබරවාරි මාසය ආවරණය වන පරිදි යාවත්කාලීන කරන ලද තොරතුරු 2016 මාර්තු 21 වන දින නිකුත් කිරීම සමඟින් මෙම ට්විටර් ගිණුම ආරම්භ කර ඇත.

     

    එසේම දෙපාර්තමේන්තුව විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද කටයුතු යොදා ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන ජනමාධ්‍යවේදීන් ඇතුළු දත්ත භාවිත කරන්නන්ට දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ “මාධ්‍ය නිවේදන”  උපශීර්ෂය යටතේ පහසුවෙන් ලබා ගත හැකිය.

     

    මෙම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය  www.statistics.gov.lk වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya