ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

    මාර්තු 31, 2016
    බලශක්ති සුරක්ෂිත අනාගතයක් උදෙසා ශ්‍රී ලාංකේය ගමන් මග යන මැයෙන් කාර්යාල මට්ටමින් සහ ගෘහස්ථ මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳව බලශක්ති කළමනාකරුවන්  දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම්    ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    වර්ෂාපතනය නොලැබීම නිසා පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බල නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හා විදුලි පරිභෝජනය ඉහළ යාම නිසා ඇති වී තිබෙන විදුලි අර්බුදයට යම් තරමක හෝ පිළියමක් සෙවීමේ අරමුණින් බලශක්ති කළමනාකරණය පිළිබඳව විදුලි පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම මේ දිනවල රටපුරා විවිධ වැඩසටහන් හරහා සිදුකෙරෙමින් පවතී. පුරුද්දක් වශයෙන් බලශක්ති කළමනාකරණයට යොමු වීමෙන් අදට පමණක් නොව ඉදිරි අනාගතයටත් එය දීර්ග කාලීන ආයෝජනයක් බවට පත්වන බව විශ්වාස කෙරේ.
     
    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) එච්.ඒ. විමල් නදීර මහතා විසින් මෙම දැනුම්වත් කිරීම සිදුකරන ලදි.
     
    සොබා දහම විසින් අපට දායාද කොට තිබෙන ප්‍රාථමික බලශක්ති ප්‍රභව මගින් ලබාගන්නා බලශක්තිය ද්විතීක බලශක්තිය බවට පත්කොට එය සේවාවක් වශයෙන් සමස්ත ජනතාව වෙත මුදා හැරීමේ ක්‍රමවේදයක් සියලු බලශක්ති සම්බන්ධයෙන් පවතින බව විමල් නදීර මහතා පවසයි. එසේ අපට ලබාදෙන බලශක්තිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධයෙන් පටු දෘෂ්ටිකෝණ වලින් නොබලා පුළුල්ව ඒ පිළිබඳව සිතා බලා කටයුතු කළ යුතු කාලය දැන් එළඹ තිබේ. යම් විදුලි උපකරණයක් වුව ද මිල දී ගන්නා විට එහි පවතින වර්තමාන ලාභය ගැන නොව සමස්ත ආයු කාලය තුළ  දැරිය යුතු පිරිවැය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.
     
    කාර්යාලයේ දී හෝ නිවසේ දී විදුලිය පරිහරණය කිරීමේ දී අරපිරිමැස්මෙන් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී අවධාරණය කරන ලදි.
    මේ වන විට දිවයින පුරා නිවෙස් දස දහසකට ආසන්න ප්‍රමාණයක සූර්ය කෝෂ සවිකර සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නා බවත් එයින් මෙගා වොට් විසි පහකට ආසන්න ප්‍රමාණයක් විදුලිබල මණ්ඩලයට ලැබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා හෙළි කළේ ය.
     
    විදුලි බලය හෝ වෙනත් බලශක්තීන් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පාසල් දරුවන් වෙනුවෙන් ද පවත්වා කුඩා අවධියේ සිට බලශක්ති කළමනාකරණයට දරුවන් යොමු කර ඔවුන්ගේ නිවෙස්වල බලශක්ති කළමනාකරුවන් බවට වැඩිහිටි දරුවන් පත්කිරීම මගින් අනාගතයට ලොකු ආයෝජනයක් සිදු කළ හැකි බව දිස්ත්‍රික් ලේකම්වරිය විසින් පෙන්වා දෙන ලදි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බලශක්ති කළමනාකරු දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya