ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතට නිවාස 60,000 ක්

    අප්‍රේල් 01, 2016
    යුද බිමේ කටයුතු අවසන් වී ඇති නමුත් අද අදහස් හා මාධ්‍ය අතර යුද්ධයක් පවතිනවා. එය නැවැත්වීම දුෂ්කරයි. එමෙන්ම උතුරේ ජනතාවගේ මතය හැටියට ප්‍රචලිත වන්නේ ඔවුන්ගේ මතය නොව ඔවුන් මත ආරෝපනය කරන ලද මතයක් බවත් බහුතර ජනතාවගේ මතය නිහඩ බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතා පැවසීය. 
    ඒ මහතා මෙම අදහස් පළ කළේ උතුරු පළාතේ වර්තමාන තත්ත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය. 
     
    මෙහිදී උතුරේ සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වු රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ නිවාස 60,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.  එසේම රැකියා ප්‍රශ්නයට විසදුමක් ලෙස කයිතඩිහි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර ගොවීන්ට තම අස්වැන්න කල් තබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් ,ශිත ගබඩා ඇති කිරීමටත් කටයුතු යොදා ඇති බවත් පැවසීය.
     
    ජාති ආගම් භේදයකින් තොරව සියළුදෙනාම එක්වී සිංහල අවුරුදු උත්සවය හා වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් කූඩු තරඟ, භක්ති ගීත තරඟ, පැවැත්වීමටත් වෙසක් කලාපයක් ඇති කිරීමටත් කිලිනොච්චිය වව්නියාව හා යාපනය ආදී ප්‍රදේශවල දන්සැල් පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවසීය.
    AP
     
     
     
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya