ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෙලවල්ලා මාළු ඔළු කොරියාවට යැවීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් .........

    අප්‍රේල් 01, 2016
    කෙලවල්ලා  මාළු ඔළු අපනයනය මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    මේ පිළිබඳව සොයා බැලීම සඳහා කොරියානු රාජ්‍ය  නියෝජිතයෝ  දින 05 ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත. එම කොරියානු නියෝජිතයින් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර  සාකච්ඡාවක් ඊයේ {31} දින හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.
     
    කොරියානු රාජ්‍ය නියෝජිතයෝ එහිදී අවධාරණය කළේ කෙලවල්ලා  මාළු ඔළු ශ්‍රී ලංකාවෙන් ලබාගැනීමට අවස්ථාව උදාවීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටට පත්වන බවය. 
     
    ආහාර හා සුරක්ෂිතතාව පිළිබඳ කොරියානු රජයේ මෙම නියෝජිත කණ්ඩායම මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන ගණනාවක සංචාරය කරමින් මේ පිළිබඳ අධ්‍යයනයක නිරත වුහ. එම ආයතන වල කටයුතු පිළිබඳ ඔවුහු පැහැදීමට පත්වී ඇති අතර මෙම කොරියානු රාජ්‍ය නියෝජිතයින් පලකළ අදහස්  අනුව මත්ස්‍ය නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලෝකයේ හිමිවී ඇති ගෞරවය පිළිබඳව රටක් ලෙසත් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අතිශය සතුටට පත්වන බවත් පැවසීය.
     
    දිලිප් වෙදආරච්චි මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුයේ ඉවතලන මාළු ඔළුව අපනයනය කිරීම මගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි ලෙස වටිනාකමක් ලබාදීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන බවය. 
     
    ඒ ලෙසම විදේශ විනිමය උපයාගැනීමේ මෙවැනි  නව මංපෙත් සොයා යන බවත් දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමට ධීවර කර්මාන්තයෙන් උපරිම දායකත්වයක් ලබාදීමටත් එමඟින් රැකියා වියුක්තියට යම් විසඳුමක් ලබාදීමට දායක වීමටත් දේශීය ධීවර කර්මාන්තය ලෝකයේ පිළිගත් කර්මාන්තයක් බවට පත්කිරීමට තම උපරිම කැපවීම හා ශක්තිය යොදවා කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya