ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ අඩුවක් කර නැහැ - ආරක්ෂක ලේකම්

    අප්‍රේල් 07, 2016

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබුණු ආරක්ෂාවෙන් කිසිදු අඩුවක් කළ නැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවත්  ප්‍රභූ ආරක්ෂාව සඳහා විශේෂ අවස්ථාවක හැර හමුදා නිලධාරීන් යොදවන්නේ නැති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ද ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙන අතර එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

     

    හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී හමුදා ආරක්ෂාව ප්‍රභුවරුන් සඳහා යොදා ගැනීම සිදු වන අතර මේ වන විට රටේ පවතින හදිසි නීතිය ක්‍රියාත්මක නොව බවත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් ද යවා ඇති අතර එකවරම හමුදා ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමක් සිදු නොවන බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

     

    වර්තමානයේ ජනාධිපතිවරයාට  සහ අග්‍රාමාත්‍යවරයාට පොලිස් ප්‍රභූ ආරක්ෂාව පමණක් ලබා දී තිබෙන බවත් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සිදු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya