ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "නිල් ආර්ථිකය" නිළ ලාංඡනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට පිලි ගැන්වේ

    අප්‍රේල් 08, 2016
    ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය දේශීය හා විදේශීය තළයට ඔසවා තැබීම අරමුණු කර නිල් ආර්ථිකයක් කරා මෙහෙයවන වැඩසටහනේ නිළ ලාංඡනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අමාත්‍ය කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.
    කොළ ආර්ථිකය පසුකරමින් නව උත්පාදන හරහා නව රැකියා  අවස්ථා උදාකරමින් නිල් ආර්ථිකයක් කරා මුළු ලොවම පියනගන මොහොතේදී ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය කෙරෙහි ද දේශීය හා විදේශීය ආකර්ෂණය දිනා ගැනීම උදෙසා මෙම ලාංඡනය නිර්මාණය කර ඇත.
     
    ආර්ථිකය  ඉලක්ක කරගෙන දියත් කෙරෙන මෙම වැඩ පිළිවෙලේ ශ්‍රී ලංකාව තුල ප්‍රථම වැඩසටහන ලෙස මෙම නිළ ලාංඡනය එළි දැක්වීය. 
     
    නිල් පැහැයෙන් දස දහසක් වර්ණ සංකලණයෙන් සමන්විත මහා සාගරයේ සම්පත් ගවේශනාත්මක ලෙස එකින් එක නෙලා ගැනීම හා එමගින් ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය තත්වය ඔසවා තැබීමට  මේ තුළින් හැකියාව ලැබෙනු ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya