ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අනාරක්ෂිත ආහාර සොයා වැටලීම්

    අප්‍රේල් 09, 2016

    ජනතාවට අහිතකර ආහාර අළෙවි කරන ස්ථාන සොයා කරන වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන බව  ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් යොදවන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කරයි.


    කොටුව, පිටකොටුව,බොරැල්ල වැනි ප්‍රදේශලව වැටලීම් කටයුතු කෙරෙන බවත් සුපිරි වෙළඳ සැල් අධි ශීතකරණ, ශීතාගාර පරික්ෂාවට ලක් කෙරෙන බවත් පැවසී ය.

     

    විවෘත්ත ආහර වෙළඳ සැල්වල අළෙවියට තිබෙන බූන්දි, පැණි වළලු, මී කිරි වැනි ආහාර ද්‍රව්‍ය වල අනුමත වර්ණක භාවිත නොකරන අවස්ථා තිබෙන බවත් කී වෛද්‍ය රුවන් විජයමුණි මහතා, සීනි ප්‍රමාණය සහ තෙල් භාවිතය පිළිබඳව සැලකිල්ලක් නොමැති බවත් පැවසී ය. ඒ හේතුවෙන් මෙවැනි ආහාර මිලදී ගැනීමේ දී සැළකිලිමත් විය යුතු බවද  මී කිරි මිලදී ගන්නේ නම් අඩුම වශයෙන් පැය 24ත් 48ත් අතර නිෂ්පාදිත මී කිරි විය යුතු බව ද රුවන් විජයමුණි මහත කීය.

    2015 වසරේ සෞඛ්‍ය අනාරක්ෂිත ආහාර අළෙවිය හේතුවෙන් නඩු 837ක් පැවරූ බවත් ඉන් නඩු 238කින් ලක්ෂ 07ක දඬ ආදායමක් උපයාගැනීමට හැකි වූ බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya