ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීන - ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතාව නව මට්ටමකින් ඉහළ නැංවීමට අවධානය

    අප්‍රේල් 08, 2016

    ඉපැරණි ඵෙතිහාසික සම්බන්ධතා පදනම් කර ගනිමින් සහ ප්‍රායෝගික සහයෝගතා පුඵල් කරමින් චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතාව නව මට්ටමකට ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.


    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ඊයේ (07) සවස බෙයිජිං නුවර පිහිටි මහජන මහා ශාලාවේදී හමු වූහ. ‍


    දෙරට අතර සම්ප්‍රදායික ගැඹුරු මිත්‍රත්වය පවතින බව ලී ක ච්‍යාං මහතා එහිදී ප්‍රකාශ කළේ ය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 60 තුළ, චීන ශ්‍රී ලංකා සබඳතා දෙස් විදෙස් වෙනස්කම් වලට මුහුණ දෙමින් මිත්‍රශීලි සහයෝගතා ඉදිරියට ගෙන යාමේ දීශාවක් තහවුරු කර ගැනීමට සමත් ව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාව සමඟ එක්ව උසස් පෙලේ හුමවාරු ශක්තිමත් කරමින් දේශපාලන අන්‍යොන්‍ය විශ්වාස පුඵල් කරමින් ප්‍රායෝගික සහයෝගතා සංවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බව ලී කච්‍යා මහතා ප්‍රකාශ කළේ ය. කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ සමීප කර ගනිමින් චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතා නව මට්ටමකට ඉහළ නැංවීමට චීනය බලාපොරොත්තුවෙන් සිටින බව ද හෙතෙම පැවසීය.


    කොළඹ වරාය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම චීනයේ ප්‍රශංසාවට ලක් වෙයි. ශ්‍රී ලංකාව සමඟ මෙම ව්‍යාපෘතිය ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා කීව්වේය. හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියරේ සාකච්ජාව කඩිනමින් සිදු කිරීමෙන් කොළඹ වරාය හා හම්බන්තොට වරාය යන ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙයවීමට ද බලාපොරොත්තු පල විය. ශ්‍රී ලංකාවේ විශේෂ පිහිටීම් ප්‍රයෝජනයට ගනිමින් වැදගත් ජාත්‍යන්තර කේන්ද්‍රීය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට එය ඉවහල් වනු ඇතැයි සදහන් කෙරේ.  චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ජාව ඉදිරියට ගෙන මෙම වසර තුළ අත්සන් තැබීමට උත්සාහ දරනු ඇතැයි ද චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යාං මහතා ප්‍රකාශ කළේ ය.  ශ්‍රී ලංකාවේ ආර්ථික කලාප සංවර්ධනය කිරීමේ සංකල්පය උදෙසා කාර්මන්ත ධාරිතා සහයෝගතා සක්‍රීය ලෙස ක්‍රියත්මක කිරීම වෙනුවෙන් චීනය සහය ලබා දෙන බව හෙතෙම පැවසීය. චීන සමාගම් වල ශ්‍රී ලංකා ආයෝජනය දිරිගන්වන චීන රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය අනුබලය අපේක්ෂා කරන බව ද ලී කච්‍යා මහතා සදහන් කළේ ය. මීට අමතරව, මූළ්‍ය, විද්‍ය තාක්ෂණ, සංස්කෘතික ඇතුඵ ක්ෂේතු වල සහයෝගතාවන් අඛණ්ඩව පුඵළ් කිරීම ද චීනයේ අපේක්ෂාවයි.


    ශ්‍රී ලංකාවේ ඒ ඒ දේශපාලන‍ පක්ෂ සහ චීනය අතර සබඳතා වර්ධනය කිරීමට අවධානය යොමු කරන බව වික්‍රමසිංහ අගමැතිතුමා මෙම හමුවීමේදී පෙන්වා දුන්නේ ය.  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා නව කර්යයන්ට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව චීනයේ සංවර්ධන අත්දැකීම ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද හෙතෙම පැවසීය. තම රටේ සංවර්ධන උපාය මාර්ගය චීනය ඉදිරිපත් කර ඇති එක් තීරයක් එක් මාවතක් යන සංකල්පය එකට එකතු කරමින් 21වැනි සියවසේ මුහුදු සේද මාවත පොදුවේ ගොඩනැගීමට ශ්‍රී ලංකාව එකඟ වන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ කාර්මීකරණය හා කර්මන්ත සංවර්ධනය ඉදිරියට ගෙන ගොස් වරාය, ගුවන් තොටු පොළ, කාර්මන්ත කලාපය යනාදී ක්ෂේත්‍ර වල චීනය සමඟ සහයෝගතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වසරේ ද්විපර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට උත්සාහ දරමින් සංස්කෘතික හුවමාරු පුඵල් කර ගනිමින් ශ්‍රී ලංකා චීන ක්‍රමෝපායීය සහයෝගතා හවුල්කාරි සබඳතා නව ජවයකින් ඉදිරියට ගෙන යාම ද ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.
    මෙම හමුවෙන් පසු, දෙරටේ අග්‍රාමාත්‍යවරු චීන ශ්‍රී ලංකා ආර්ථික තාක්ෂණ සහ‍යෝගතා, අධිකරණ, ප්‍රවාහන, මූළ්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍ර සහයෝගතා ගිවිසුම් වලට අත්සන් තැබීමට එක් වූහ.

     

    China Radio International (CRI)

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya