ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අම්මාගේ සැත්කමට කවි බණ කී දරුන්ගේ බලාපොරොත්තුව සෞඛ්‍ය ඇමැති මැදිහත්වීමෙන් මල් පළ දරයි

    අප්‍රේල් 11, 2016

    ‘අක්කා මලෝ කවි බණ කියති, අම්මාගේ සැත්කමට සල්ලි හොයති‘ යනුවෙන් වෙබ් අඩවි ඔස්සේ පළ වූ ප්‍රවෘත්තිය සමිබන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත‍ සේනාරත්න මහතාගේ අවධානය යොමු වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  වෙබ් අඩවිවල පළ වූ පුවත නිරීක්ෂණය කර අදාළ දරුවන්ගේ පියාට දුරකථනය ඇමැතුමක් දී සාකච්ඡා කර ඇති අතර එහිදී කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති ඔහුගේ බිරියගේ සැත්කම කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට පියවර ගෙන ඇත.

     

    ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට කඩිනමින් දැන්වීමට පියවර ගන්නා ලදි. අදාLa සැත්කම සදහා රුපියල් ලක්ෂ 10ක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරුන් විසින් නිගමනය කොට ඇති බව වෙබ් අඩවිවල පළවු ප්‍රවෘත්තියේ සදහන් විය. ඒ අනුව සැත්කමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැලසීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.



    එම්.එල්. ඉඳුවරී සකුන්තලා ජයරත්න වන අක්කා මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිත අතර එම්.එල්. ඉඳුවර සකුන්ත ජයරත්න මල්ලී තවමත් සිටින්නේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya