ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග අනතුරුවලට හේතුව බීමත්ව රියපැදවීමයි-වෛද්‍ය පාලිත මහීපාල

    අප්‍රේල් 14, 2016

    මාර්ග අනතුරුවලට ප්‍රධානම හේතුව බීමත්ව රිය පැදවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    දිනකට අට දෙනෙකු පමණ රිය අනතුරු හේතුවෙන් මරණයට පත් වන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා,වර්ෂයකට දහසකට අධික සංඛ්‍යාවක් ආබාධවලට ලක්වන බව අනාවරණය කළේ ය.

     

    රිය පැදවීමේ දී ඉතාමත් සැළකිලිමත්විය යුතු බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා,යතුරු පැදි ධාවනයේදී හිස් ආවරන පැළදීම සහ රථවාහන ධාවනයේ දී ආසන පටි පැළදීම අනිවර්යෙන් ම කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

     

    බීමත්ව රිය පදවන රියදුරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලීසිය විසින් ආරම්භ කර තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.2015 වසරේ අවුරුදු සමය තුළ දින දහයක මෙහෙයුම් මඟින් අත් අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 1980ක් වන අතර ඉන් යතුරු පැදිකරුවන් 1082ක් වන අතර ත්‍රීරෝද රියදුරන් 709ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ් රුවන් ගුණසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya