ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබඳව කතා කිරීම පළක් නොවේ

    අප්‍රේල් 30, 2016

    දේශපාලන පක්ෂ නොවන කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබඳව කතා කිරීම පළක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා  ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය සංවිධානය කිරිමේ ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායකවරු හමුවකින් පසුව මාධ්‍ය හමුවේ පිළිතුරු ලබාදෙමිනි.

    මෙම හමුව සඳහා ගාල්ල දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරු ඇතුළු පක්ෂ ක‍්‍රිියාකාරිහු  රැසක් එක්ව සිටියහ.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,


    විශේෂයෙන්ම මෙවර පවත්වන මැයි රැළිය ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය පවත්වන දැවැන්තම මැයි රැළිය පැවැත්විමට සියලූ කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතිනවා.

    අපේ සංවිධායකවරු සියලූ දෙනාමත්, මමත් කිසිදු බෙදීමකින් තොරව අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතා නායකත්වය දෙන මෙම මැයි රැළිය සඳහා සහභාගී වෙනවා. ඒ අනුව සමස්ත ලංකාවෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි විමට නියමිතයි.

    ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය මේ රටේ විශාල දේශපාලන පක්ෂයක්. ඔවුන්ගේ  මැයි රැළිය සඳහා ගාල්ල නගරය තොර ගෙන තිබෙනවා. අපි කොළඹට යන නිසා ගාල්ල නගරයේ කිසිදු බාධාවකින් තොරව සාර්ථක මැයි රැළියක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී පවත්වයි. එය  එම දේශපාලන පක්ෂයේ අයිතියක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya