ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විවාහයට පෙර තැලසීමියා රෝගය තිබේදැයි රුධිර පරික්ෂවක් කර බැලීම අනිවාර්යෙන්ම කළ යුතුයි

    අප්‍රේල් 30, 2016

    පාසල් හැරගිය පසු හා විවාහයාට පෙර තැලසීමියා රෝගය තිබේදැයි රුධිර පරික්ෂවක් කර බැලීම අනිවාර්යෙන්ම කළ යුතු බව රාගම රෝහලේ, තැලසීමියා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා මේ බව අවධාරණය කළේ ය.


    මෙය දරුණු රෝගී තත්ත්වයක්.හිමෝග්ලොබීන් අඩුවීම නිසා රුධිර ශෛල විනාශ වීම සිදු වෙනවා.තැලසිමියා රෝගියකුට මාසිකව රුධිරය ලබාදිය යුතුයි. මේ රෝගයට කුඩා දරුවන් ගොඳුරු වෙනවා. රෝගීන් 3000ක් පමණ මේ වනවිට සිටිනවා.

    රුධිරය ලබාදුන්නත් එම රුධිරය නිසා ශරීරයේ යකඩ තැම්පත් වෙනවා.ඒ නිසා විවිධ සංකූලතාවන්ට ලක් වෙනවා. මෙම රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඇටමිදුළු බද්ධය සිදු කරනවා. එහෙත් ලංකාවේ එය සිදු කරන්නේ සුළු වශයෙන්. තැලසීමියා රෝගය වළක්වාගත හැකිටි. ඒ සඳහා තැලසීමියා වාහකයන් අතර සිදුවන විවාහය නොවිය යුතුයි. විවාහ වුවත් දරුවන් බිහිකරගැනීම නිකළ යුතුයි.

    ජනගහනයෙන් තැලසීමියා රෝග වහාකයන් 2.5%ක් පමණ සිටිනවා.සරළ රුධිර පරික්ෂාවකින් තැලසීමියා වාහකයකු දැයි පරික්ෂා කරගත හැකියි යැයි ද වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya