ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විවාහ පොරොන්දමට පෙර තැලසීමියා පොරොන්දම බැලීම වැදගත්

    අප්‍රේල් 29, 2016

    තැලසීමියා රෝගයෙන් මිදීමට නම් විවාහ පොරොන්දමට පෙර තැලසීමියා පොරොන්දුව බැලීම වැදගත්  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.


    මැයි 08 දිනට යෙදෙන ලෝක තැලසීමියා දිනය වෙනුවෙන්   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා මේ බව පැවසී ය.


    විවාහයට පෙර රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම වැද්ගත් බව පෙන්වා දුන් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,තැලසීමියා රෝගය එක් දිනකට පමණක් සීමා නොවන කටයුත්තක් නොවන බවත් සැමදා තැලසීමියා රෝගය පිළිබඳව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් පැවසී ය.

     

    තැලසීමියා වාහකයකුදැයි රුධිර පරික්ෂාවකින් සොයා ගත හැකි බව පෙන්වා දුන් රාගම රෝහලේ තැලසීමියා එකකයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඉෂාරී සිල්වා මහත්මිය, තැලසීමියා වාහකයකු නම් රෝස පැහැති කාඩ් පතක් ලබාදෙන බවත් එසේ නොමැති නම් කළ පැහැති කාඩ් පතක් ලබාදෙන බවත් පැවසුවාය. ඒ අනුව රෝස පැහැති කාඩ් පත් දෙකක් සහිත වාහක තැනැත්තන් විවාහවීම සිදු නොවිය යුතු බවද වෛද්‍ය ඉෂාරි සිල්ව මහත්මිය පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya