ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමෙන් ලැබෙන සහන රැක ගැනීම ධිවර කර්මාන්තයේ යෙදෙන්නන්ගේ වගකීමයි- ධීවර රාජ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 29, 2016
    ජනාධිපතිතුමා හා අගමැතිතුමා කෙරෙහි ලෝකයේ රාජ්‍ය නායකයින් තැබු විශ්වාසය නිසා යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවු බවත් මේ නිසා ලැබෙන සහන රැක ගැනීම ධිවර කර්මාන්තයේ යෙදෙන්නන්ගේ වගකීම බවත් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පළ කලේ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම හා ධිවර කර්මාන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අද ධිවර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    යුරෝපා මත්ස්‍ය තහනම නිසා වසරකට රුපියල් මිලියන 4,000 ක් පමණ රටට අහිමිවු අතර 50,000 කට පමණ රැකියා අහිමිවී ගිය බවත් ජුලි මාසය පමණ වන විට නැවතත් මත්ස්‍ය අපනයනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    ධීවර කර්මාන්තය නංවාලීම සදහා නව තාක්ෂණය හදුන්වාදීම, බහුදින යාත්‍රා සඳහා VMS පද්ධති ලබා දීම, දැල් සහනාධාරය ලබා දීම හා  ධිවර ජනතාව දැනුවත් කිරීමත් මේ වන විට සිදු කරමින් පවතින අතර  ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ මිරිදිය සම්පත වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya