ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ආර්ථික සන්ධිස්ථානයකට පැමිණි අවස්ථාවක ජී-07 සමුළුවට වේදිකාවක් ලැබීම සතුටට කරුණක්

    මැයි 17, 2016

    ශ්‍රී ලංකාව  මෙවැනි ආර්ථික සන්ධිස්ථානයකට පැමිණි අවස්ථාවක ජී-07 සමුළුවට සහභාගී වීමට මෙවැනි වේදිකාවක් ලැබීම සතුටට කරුණක් බවත් ජනාධිපතිතුමා ජාත්‍යන්තර දිනාගැනීම මෙයට හේතුවක් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17) පාර්ලිමේන්තු සංකීර්නයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

     

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජී -7 සමුළුවට සහභාගී වෙනවා.ජපාන අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනයක් ලෙස එතුමා සහභාගී වෙන්නේ. ජී-7 සුවිශේෂී සමුළුවක්.ලෝකයේ ආර්ථික බලවතුන් 07 දෙනා රාජ්‍ය නායකයන් ලෙස පවත්වන සමුළුවක්.දකුණු ආසියාවේ ආරාධනා කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවට හා බංගලාදේශයට පමණයි.

     

    ශ්‍රී ලංකාව  මෙවැනි ආර්ථික සන්ධිස්ථානයකට පැමිණි අවස්ථාවක මෙවැනි වේදිකාවක් ලැබීම සතුටට කරුණක්. බලවත් නායකයන් සමඟ අපේ රටටත් අවස්ථාවක් ලැබී තිබෙනවා.ශ්‍රී ලංකාවේ අපේ රජයේ ඉදිරිගමන පිළිබඳ සංහිදියාවට යන ගමන විග්‍රහ කරලා, අපේ ජනාධිපතිතුමාට ලෝක නායකයන් ඉදිරියට යන්න හැකි වී තිබෙනවා. ජනාධිපතිතුමා ඉන් උපරිම ප්‍රයෝජන ගන්නවා.එවැනි අවස්ථවට ජනාධිපතිතුමා රට වෙනුවෙන් ප්‍රයෝජන රැසක් ගෙන තිබෙනවා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇති කරගත්  සුබවාදී ආකල්පය තමයි මින් පෙනෙන්නේ.

    ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට එතුමාට හැකි වුණා. දූෂණ විරෝධී සමුළුවේදී එතුමා හදුන්වනු ලැබූවේ දූෂණයට එරෙහි වීරයෙක්, චැම්පියන් කෙනෙකු ලෙසයි.එතුමා ජාත්‍යන්තරය ඉදිරියේ හොඳ නමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya