ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන්හි සේවය වෙනුවෙන් ස්තුතිය පුද කෙරේ

    මැයි 23, 2016
    නායයාම්  සහ  ගංවතුර තත්වය හේතුවෙන් ක්‍රියාවට නංවා ඇති ආපදා කළමනාකරණ මධස්ථානයේ මෙහෙයුම්  ඒකකයේ සහ නාවික හමුදා ආපදා කළමනාකරණ ඒකකයන්හි මෙහෙයුම් මැදිරිවල පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එම ඒකකයන්හි කැපවීම අගයකොට සිය ස්තුතිය පුද කළේය.
    මෙහිදී ආපදා කළමනාකරණ මධස්ථානයේ මෙහෙයුම් මැදිරියට පැමිණි අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුලු පිරිසගේ සේවය හා පවත්නා කැපවීම අගයකොට සිය ස්තුතිය පුදකරනු  ලැබිය.මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාද එක්ව සිටියේය.
     
    එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන සේවාවන් වෙනුවෙන් සිය ස්තුතිය පුදකිරීම සදහා  සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආපදා කළමනාකරණ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. මෙහිදී නාවික හමුදාපතිතුමන් ඇතුලු නාවික හමුදා නිලධාරීන් හමුවී මෙම ආපදා අවස්ථාවේදී අවතැන්වූ ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය හා අපරිමිත කැපවීම පිලිබදව අමාත්‍යතුමන්ගේ ස්තුතිය පුදකරනු ලැබීය. නාවික හමුදාව මගින් ආපදා සහන සේවා ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබදව මෙහිදී අමාත්‍යතුමන් සිය අවධානය යොමුකරනු ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya