ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විනාශ වූ සෑම දෙයක් සඳහා ම සහන ලබා දිය යුතුයි- අගමැති

    මැයි 28, 2016

    දැන් ගංවතුර අවසන් වී ඇති නිසා ආපදාවට ලක්වූවන්ට තමන්ගේ නිවාසවලට යාමට අවස්ථාව ලැබී තිබෙන අතර නමුත් නාය යාමට ලක්ව වාසස්ථාන අහිමි වූ පිරිසක් තවමත් අවතැන්ව සිටින බවත්  ඒ වගේම කැලණිගඟ ආශ්‍රිතව ව්‍යාපාර ස්ථාන බොහොමයක් විනාශ වී තිබෙන අතර ඒ අයට සහන ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    දෙස් විදෙස් සහනාධාර කළමනාකරණය සඳහා එක් ස්ථානයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති කර තිබෙන බව  ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    අගමැතිවරයා ප්‍රකාශ කළේ අනාගතයේ ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහා ද මෙම අමාත්‍යාංශය විසින් සැකසුම් සකසමින් සිටින බවයි.

    ජල ගැලීමෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් ප්‍රදානය කළ සහල් තොගයක් ආපදා කළමනාකරණ අංශ වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (27) අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ අමාත්‍යාංශයේ සියලුම දෙනා ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් දිනක වැටුප ප්‍රදානය කොට තිබෙන සඳහන් කළ අගමැතිවරයා  ඒ සියලු  දෙනාටම තමාගේ ස්තූතිය පළ කර සිටින බව ද පැවසීය.


    ආපදා තත්ත්වය නිර්මාණය වීමත් සමග ජනාධිපතිතුමාත්, අපත්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය රජයේ සේවකයන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන විශාල වැඩ කොටසක් කළ බව ද අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya