ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වනජීවී නිලධාරීන්ට විශේෂ රක්ෂණාවරණයක් සහ විදෙස් පුහුණුව

    ජූනි 01, 2016
    තම ජීවිතයද නොතකා දැඩි අවදානමක් ගෙන වනජීවී සම්පත රැකගැනීම සඳහා දැඩිවෙහෙසක් ගන්නා වනජීවී නිලධාරීන්ට විශේෂ රක්ෂණ ක්‍රමයක් සහ විදෙස් රටවල පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකලේ බත්තරමුල්ලේදී පැවති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වන ජීවී නියාමක නිලධාරී සංගමයේ සංවත්සර මහා සමුළුවට සහභාගී වෙමිණි.
     
    “අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් බොහොම කාලයක් තිස්සේ මටත් අත්දැකීම් තිබෙන්නේ මා මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන නිසා. ඊට අමතරව වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරිය වශයෙන්ද පසුගිය කාලයතුළ මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවුනා. මේ අමාත්‍යංශයට සම්බන්ධ වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් සහ පරිසර වේදීන් මොනතරම් කැපවීමක් කරනවද කියල අපි දන්නව. අපේ සියළුම නිලධාරීන් සහ දෙපාර්තමේන්තුව, අමාත්‍යංශය පරිසරය රැකගෙන තමයි වනජීවීන් සහ වන සම්පතත් පරිසරයත් සුරැකෙන විදිහටයි සියළුම රාජකාරි කටයුතු කරන්නේ. ඒක අපි ඇත්තටම අගේ කරන්න ඕන. 
     
    අපේ ඇමතිතුමාට ඕනකම තිබෙනව අපේ පරිසරය සහ වනජීවින් ආරක්ෂා කරනව වගේම නිලධාරීන්ගේ සේවාවනුත් ඇගයීමට. ඒ සඳහා නිලධාරීන්ට නිවැරදි විදිහේ රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීමට මේ වෙනකොට අපි සාකච්ඡා කරල කටයුතු කරගෙන යනව. ඔබතුමන්ල ඉදිරිපත්කරපු යෝජනා රාශියකට මේවෙනකොටත් ඇමතිතුමාත්, අධ්‍යක්ෂ ජනරාල්තුමාත්, ලේකම් තුමාත් අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද මැදිහත්වෙලා මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් සිටිනව.
     
    මේ වනජීවී නිලධාරීන්ගේ සේවය ඇගයිමක් නැහැ මීට වඩා මේ සේවයේ ඇගයීමක් තිබෙන්නට ඕනෙ. මේ අය කර්යාලය රැට නිවහන කරගන්නව දවල්ට කාර්යාලය කරගන්නව .ඒ තැන් වල කිසිම පහසුකම්ක් නැහැ ආරක්ෂාවක් නැහැ මේවා පිළිබඳව අපි අමාත්‍යංශය හැටියට අපේ දෙපාර්තමේන්තු සහ අපේ නිලධාරීන් හා ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මැදිහත්වෙලා ඒවා ඒ අයට ඉන්න සුදුසු මට්ටමේ ස්ථාන බවට පත්කරළ මේ අයගේ සේවාවන් ඇගයිමකට ලක්කරන්න දැනටමත් අමාත්‍යවරයා හා  මේ පිළිබඳව සාකච්ඡා කරල මේ ගැටළු කඩිනමින් විසඳන්න කටයුතු කරල තිබෙනව.
    අපේ මේ කණ්ඩායම් විදේශ රටවලට යවල ඒ අයට ඒ දැනුම අවබෝධය ලබාගන්න තවත් අවස්ථාවක් කරල දෙන්නට අවශ්‍යයි. ඒ රටවල කොහොමද කරන්නේ අලින් සම්බන්ධව වෙනත් ජීවීන් සම්බන්ධව කොයි ආකාරයෙන්ද කරන්නේ කියල ඒ අත්දැකීම් ඉතාම වැදගත්වෙනව.
     
    ලේකම්වරයා හා  අධ්‍යක්ෂ ජනරාල්වරයා අද මේ ඉදිරිපත් කරපු කරුණු බොහොමයක් සැළකිල්ලට අරගෙන මේවා පිළිබඳ අපේ නිලධාරීන් වෙනුවෙන් පමණක් නෙමෙයි මේ මුළු ලෝකයේම පරිසරය සම්බන්ධව පරිසරය ආරක්ෂාකිරීමේ වැදගත්කම පිළිබඳ හොඳ දැනුමක් තේරුමක් ඇතිව ඒ කටයුතු කිරීමේදී අපේ නිලධාරීනුත් වනජීවීන් වන සංරක්ෂණය ඒ හැමදෙයක් ගැනම අවබෝධ කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනව".යයි නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ ලේකමි ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් පිලපිටිය, තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,පරිසර වේදීන් ඇතුළු සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සාමාජීකයින් 600 පමණ පිරිසක්  සහභාගීවීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya