ජූනි 09, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර,නායයෑම් බලපෑමෙන් අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මැදිහත් විය යුතුයි-විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    ජූනි 02, 2016

    ගංවතුර සහ නායයෑම් බලපෑමෙන් අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මැදිහත් විය යුතු බවත් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමෙන් මානසික පීඩනය අවම කරගත හැකි බව මානසික රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

     පාරිසරික අභියෝග හා පසු ආපදා කළමනාකරණය පිළිබඳව අද (02) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

     

    කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූවන් සමඟ සාකච්ඡා කළා. අරණායක විපතට පත් ජනතාව මානසික පීඩනයට පත් වී සිටිනවා. ඔවුන්ගේ ජීවිත හා දේපළ විනාශ වීම නිසා. නිවාස සාදා ගැනීමට නොහැකි වීම නිසා පීඩනයෙන් සිටිනවා. අපි ඔවුන්ට දැනෙන්න සැළැස්විය යුතුයි අප ඔවුන් සමඟ සිටින බව.සෞඛ්‍ය කණ්ඩයම් මානසික සෞඛ්‍ය සේවා වෙනුවෙන් පුහුණු කරල, මෙම ප්‍රදේශවලට පිටත් කර තිබෙනවා.

     

    මෙහිදී ළමුන් වෙනුවෙන් විශේෂ අවධනයක් යොමු කළ යුතුයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාවැටිලා. ඇතැම් ළමුන් පැරණි පාසලට යන්න කැමැති නෑ.ඒ නිසා මීට මැදිහත් වීමක් කළ යුතුයි.

    රෝගී තත්ත්වයට පත් වූ වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රතිකාර සිදු කළා. මානසික මැදිහත්වීම ඉතාම අවශ්‍යයි.අප ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතුයි.එවිට ඔවුන්ගේ මානසික පීඩාව අවම කරගත හැකියි යැයි ද වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya