අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (06) පැවති රැස්වීමේදී මේ බව තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
කොස්ගම හමුදා කඳවුරේ ඊයේ සිදු වූ සිද්ධියත් සමඟ අද (06) දිනයේ පරිදි සීතාවක, පාදුක්ක හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවලට අයත් පාසල් තැබූ පහත සඳහන් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් හෙට (07) දිනයේ විවෘත වන බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
හෙට දිනයේ වසා තැබෙන පාසල් පහත සඳහන් වේ.
1 අකරවිට මහා විද්‍යාලය
2 සාලාව වත්ත කනිෂ්ඨ විද්‍යාලය
3 කලුඅග්ගල සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලය
4 කොස්ගම සුමේධ කනිෂ්ඨ විද්‍යාලය
5 ශාන්ත ජොන් බොස්කෝ මහා විද්‍යාලය
6 කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය
7 කොස්ගම මහා විද්‍යාලය
හෙට දිනයේ වසා තබනු ලබන මෙම පාසල් පිපිරීම සිදු වූ කඳවුරේ සිට කිලෝමීටරයක දුරින් පිහිටා තිබෙන අතර එම පාසල් පිරිසිදු කිරීම සහ ගොඩනැගිලිවල තත්ත්වය පරීක්ෂා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මෙම පාසල්හී ගොඩනැගිලිවල පළුදුවීම් හා අන්තරාදායක අළාභහානි තිබිය හැකි බැවින් ද එම පාසල් පිහිටා ඇති ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරි වසම් 09 ක ජනතාව තවදුරටත් ප‍්‍රදේශයෙන් ඉවත්ව සිටින බැවින් ද පාසල් වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මෙම රැස්වීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, විද්‍යා තාක්ෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු හමුදා ආරක්ෂත නිලධාරීන් හා රජයේ නිලධාරින් රැසක් ද සහභාගී වූහ.
kpm