ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොස්ගම සාලාව හමුදා කඳවුරේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරයි

    ජූනි 07, 2016

    කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇති වූ හදිසි පිපිරීම් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වී තිබෙන බව බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ප්‍රධාන වශයෙන් දැනට වසා තිබෙන මාර්ගය විවෘත කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

     

    පිපිරීම් තත්ත්වය නතර වුවද හමුදා කඳවුරේ සිට කිලෝ මීටර්යක භූමි ප්‍රමාණය ඉදිරි පැය 24 තුළ ජනතාවට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් විනාශ සියලු නිවාස වෙනුවෙන් සහන සැලැස්වීමට හමුදාව සූදානම් බවයි.

     

    මෙම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ශුද්ධපවිත්‍ර කිරීම ත්‍රිවිධ හමුදාව, පොලිස් කාර්ය සාධක බලකාය, පොලීසය එක්ව අවැතැන් වූ පුද්ගලයින්ගේ නිවාස පරීක්ෂා කර බලා නිවාසවලට කැඳවා භාර දීම සිදු වේ.

     

    මෙම සිද්ධිය සිදු වූ ස්ථානයේ රස පරීක්ෂණ විමර්ශන කටයුතු මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ අතර මෙහිදී පිපිරී ගිය කොටස් ලබාගෙන තිබෙන බවත් මෙම සිද්ධියට හේතුව පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ලබා දිය හැකි බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බටහිර ආඥාපතිවරයා සඳහන් කළේය.

     

    මෙම අවි ගබඩාවේ තිබුණු අවි වෙනත් ස්ථාන වෙත රැගෙන යාම සිදු වූ අතර මෙම වසර අවසන් වන විට සියලු අවි මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණු බවත් තිබුණු අවි ප්‍රමාණයෙන් 10%ක් වැනි ප්‍රමාණයක් මෙම සිද්ධිය වන විට මෙම අවිගබඩාවේ ඉතිරිව තිබුණු බවත් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

     

    පසුගියා යුද වකවානුවේ ගෙන් වූ අවි ගබඩා කිරීමට  කොළඹ ප්‍රදේශයේ වෙනත් ස්ථානයක් නොතිබීම හේතුවෙන් මෙම ස්ථානයේ අවි ගබඩා කිරීමට සිදු වූ බවත් නිසි ගබඩා ක්‍රමවේදයන් ඔස්සේ මෙම අවිගබඩා කර තිබුණු බවත් මේජර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya