ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවට උපරිම සහන සැලසීමට කැපවෙනවා - ධීවර රාජ්‍ය අමාත්‍ය

    ජූනි 07, 2016
    ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දීමට ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජය කැපවී සිටින බවත් ඒ අනුව පොදු පහසුකම් සංවර්ධනය සදහා ඉදිරියේදී වඩාත් කැපවීමෙන් කටයුතු කරන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ අගුණකොල පැලැස්ස  තලම්පෝරුව සිට ඉදිගැටවල දක්වා කිලෝමීටර් 1.5 දිග මාර්ගය ගල් අතුරා  තාර දමා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු  ආරම්භ කරමින් පැවති උත්සවයේදී ය.
     
    වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කර නොමැති මෙම මාර්ගයේ වලවල් සැදී ගමන් කිරීමටවත් නොහැකිව පැවතිණ . මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කල විශාල ජනතාවකට ගැටළු ගණනාවකට මුහුණ පෑමට සිදුව තිබුණි . රුපියල් ලක්ෂ 71 ක මුදලක් වැයකර ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු  මෙම මාර්ගය භාවිතා කරන ජනතාවට තම ගමනාගමන අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවස්ථාව උදා වේ .
     
    එම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසීය ” ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 15 ප්‍රතිසංස්කරණ සදහා ප්‍රතිපාදන ලැබුනා . ඒ ප්‍රතිපාදන තංගල්ල , අම්බලන්තොට , හා අගුණකොල පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට කිලෝමීටර් 5 බැගින් සමානව වෙන් කර දුන්නා .  මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වගේම යටිතල පහසුකම් සංවර්ධය පිළිබදවත් වැඩි අවධානය යොමුකර තියෙනවා . ”
     
    “ ජනතාවට ඍජුව බලපාන අත්‍යවශ්‍ය ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දීමට ජනතාවාදී රජයක් විදියට කටයුතු කරනවා. මෙම  පහසුකම් සැලසීමේදී ගැටළුවක් වෙලා තියෙන්නේ හිටපු පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පැන නැගී ඇති ගැටළුයි .  ”
     
    “ලංගම ග්‍රාමීය අතුරු මාර්ග වලට බස්රථ යොදවමින් ජනතාවගේ ප්‍රවාහන ගැටළුවට විසදුම් ලබා දීමට කටයුතු කරන්නා ලෙසින් රට මැද ජීවත් වෙන ජනතාවට පහසු මිලට අළුත් මාළු කෑල්ලක රස බැලීමට අවස්ථාව  හිටපු පාලකයින් අහිමිකරලා .ඒ කිසිදු සොයා බැලීමකින් තොරව සේවකයින් ධීවර සංස්ථාවට දැමීම මගින් . ”
     
    හත්සිය හතලිස් දෙනෙකු සිටිය යුතු ධීවර සංස්ථාවේ 1,400 වැඩි පිරිසක් සේවය කරනවා යැයි සදහන් කල අමාත්‍යවරයා  පෙන්වා දුන්නේ මේ හේතුවෙන් සංස්ථාව මගින් මෙරට ජනතාවට ලබා දීමට තිබු සහන ලබාදිය නොහැකි තත්වයක් මතුව ඇති බවය .
     
    හිටපු පාලකයින් ජනතාව ගැන නොසිතා තම බලය රැකගැනීම සදහාම කටයුතු කිරීමේ පල විපාක විදීමට සිදුව  ඇත්තේ ජනතාවට බවද ජනතාවට ඒ බර වැඩි දිනක් දැරීමට ඉඩ නොතබන බවද  දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya