ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “මින් විසිතුරු” 2016 විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය අගෝස්තු 5 සිට 7 දක්වා

    ජූනි 08, 2016
     
    “මින් විසිතුරු” 2016  විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය අගෝස්තු 5 සිට 7 දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධායක කමිටුව තීරණය කර ඇත.
    මේ පිළිබද විශේෂ සාකච්ජාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතාගේ හා රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රවිඳු වෙදආරච්චි , උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .
     
    මෙහි සමාරම්භක උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් ත්‍යාග ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් තීරණය කර ඇත.
     
    දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අන්තර්ජාතික තළයට ඔසවා තැබීම තම අරමුණ බැවින් ඒ සදහා කළහැකි සෑම යහපත් කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    මෙය අරමුණු කර ගනිමින් මින් විසිතුරු ප්‍රදර්ශනය මෙවර දැනුම ,විනෝදය සහ අත්දැකීම් සමුදායක් කැටි කරගත් ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇත .
     
    ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජෙනරාල් හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ඇතුළු නිලධාරීන් මෙන්ම විසිතුරු මත්ස්‍ය වගාකරුවන් , විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් , විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ දිස්ත්‍රික් සංගම්වල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ජාවට සහභාගී වී සිටියහ .
     
    දේශීය විසිතුරු කර්මාන්තයේ අභියෝග , ඒවාට මුහුණදීම , විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර තළයට ඔසවා තැබීම , මෙම කර්මාන්තය සදහා පහසුකම් සැපයීම , විදේශීය ආකර්ෂණය දිනාගැනීම මෙන්ම නව වෙළදපල විවර කරගැනීම , විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සදහා මින් විසිතුරු ප්‍රදර්ශනය යොදා ගත යුතු බවට මෙහිදී තීරණය විය .
     
    ඒ ලෙසම මෙම කර්මාන්තයට ආදරය කරන ජනතාව දැනුවත් කිරීම සදහා මෙන්ම ජනතාව බොහෝ ඇලුම් කරන විවිධ මත්ස්‍ය වර්ග ප්‍රදර්ශනය සදහා යොදා ගැනීමටද මෙම සාකච්ජාවේදී තීරණය විය .
     
    මේ අනුව ප්‍රදර්ශන කුටි 100 කින් සමන්විත මෙවර ප්‍රදර්ශනයට නව අංග රැසක්  ඇතුලත් කිරීමට ද  තීරණය කළේය .
    විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ට හා අපනයනකරුවන්ට සේම ප්‍රදර්ශනය නරඹන ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වන ලෙස මෙවර ප්‍රදර්ශනය සංවිධානය කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බොහෝ කැපවීමෙන් කටයුතු කරමින් සිටි .
     
    අමාත්‍යවරයාගේ ඒ කැපවීම මෙන්ම දක්වන උනන්දුව විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලී සිටින මෙම සාකච්ජාවට එක්ව සිටි  විශාල පිරිසගේ ඇගයීමට ලක් වුහ . 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya