ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් සහතිකයක්

    ජූනි 08, 2016

    අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් 'අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික' නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

    අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ අද (08) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     


    අතුරුදන් වූ පුද්ගලයා ජීවත්ව සිටින බවට හෝ මරණයට පත් වී ඇති බව සනාථ වී ඇති අවස්ථාවකදී එම පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට නිකුත් කරනු ලැබ ඇති සහතිකය අවලංගු කිරීමට හෝ අදාළ පුද්ගලයා වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කිරීමට හෝ විධිවිධාන සැලසෙන පරිදි 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සිදු වේ.

     

    කිසිඳු හෝඩුවාවක් රහිතව විශේෂයෙන්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සිදු වූ ගැටුමක් අතරතුරදී, එම ගැටුම හේතු කොට ගෙන හෝ එම ගැටුම සම්බන්ධයෙන් හෝ එම ගැටුමෙහි ප්‍රතිවිපාකයක් වශයෙන් හෝ, දේශපාලන නොසන්සුන්තාවක් හේතුවෙන් හා/හෝ මහජන කැළඹීමක් හේතුවෙන් සහ බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදන් කරවීමක් හේතුවෙන් අතුරුදන් වී ඇති පුද්ගලයින් ලියාපදිංචි කරවීමේ අවශ්‍යතාවක් පැනනැගී  තිබීම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

     


    එවැනි ලියාපදිංචි කිරීමක් මඟින් එසේ අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත 'අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික' නිකුත් කිරීමට හැකියාව ලැබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ හා වත්කම් තාවකාලිකව කළමනාකරණය කරගැනීමටත්, අතුරුදන් වූ පුද්ගලයාගේ දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරිත්වයක් ලබාගැනීමටත්, සමාජ සුබසාධන වැඩසට‍හන් හරහා හිමිවන ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරින් ඉදිරියේ පෙනී සිටීමට හා ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට හැකියාව සැලසෙනු ඇත.

     

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඊයේ (07) ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya