ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර පිළිකා රෝහල ඉදිකිරීම - මල්වතු නාහිමිගේ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ක්ෂණික ප‍්‍රතිචාර

    ජූනි 21, 2016

    මහනුවර මහ රෝහල භූමියේ ඉදිකෙරෙන පිළිකා රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ, මහානාහිමියන් ප‍්‍රකාශ කළේ, පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු ප‍්‍රමාද බවට ජනතාව චෝදනා කරන බවයි. ඒ පිළිබඳව වහාම සොයාබලන මෙන් මහානාමියන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ඊට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, මහනුවර මහ රෝහලට ගොස් පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණය කරන ලදි. මෙහි ඉදිකිරීම් කටයුතු ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට ලබාදෙන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා නියෝග කරන ලදි.

    මහල් 11කින් යුත් මෙම රෝහල සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1250 කි. රෝහලේ ඇදන් සංඛ්‍යාව 380 කි. හදිසි ප‍්‍රතිකාර ඒකක 02 ක් සහ ශල්‍යාගාර 03 ක් ද මෙහි ස්ථාපිත කරන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වෙත මෙහිදී දැනුම් දෙන ලදි. ඉදිකිරීම් කටයුතු වසරක් ඇතුළත නිම කරන ලෙස ද සෞඛ්‍යඅමාත්‍යරයා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya