ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඇමෙරිකාවේ හෙද රැකියාවට යන පිරිසකට පුහුණුවක්

    ජූනි 26, 2016

    ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල්වල සේවය සඳහා පිටත්වන පළමු හෙදියන් කණ්ඩායම සඳහා විශේෂ වැඩමුළුවක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදි පැවැත්විණි.

    පළමු කණ්ඩායමට තෝරාගත් හෙදියන් 80 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්වූහ.


    ඇමරිකාවේ කර්මා ආයතනය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව මෙම හෙදියන් තෝරාගෙන තිබේ.

    ඒ අනුව, තෝරාගත් හෙදියන් 80 දෙනෙකු සඳහා මාස 2 පමණ කාලයක් මෙරටදී පුහුණු පාඨමාලාවන් පැවැත්වේ.

    ඉංගි‍්‍රසි භාෂාව හා හෙද ක්ෂේත‍්‍රයේ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් මෙම පාඨමාලාව තුළදී හැදෑරීමට අවස්ථාව ලබාදී තිබේ.

    ඇමරිකාවේ රෝහල් සඳහා තෝරාගත් මෙම හෙදියන් සඳහා බඳවා ගැනීමේ ගාස්තුවක් අය කරන අතර, පුහුණුව සඳහා අය කරන ගාස්තුවද, ඇමරිකාවේ රෝහල්වලට තෝරාගත් පසු එම ආයතන විසින් ආපසු ගෙවනු ලැබේ.

    ඉදිරියේදී කැනඩා හා දකුණු අපි‍්‍රකාවේ රැකියා සඳහාද කර්මා ආයතනය මඟින්, ශ‍්‍රී ලංකාවට රැකියා අවස්ථා ලබාදීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ සඳහා අවස්ථාව ලබාදීමටද කර්මා ආයතනය එකඟ වී සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya