ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කිරීමට පියවර

    ජූලි 03, 2016

    දියුණු අධ්‍යාපන ක්‍රමවේද දේශීයත්වයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කරමින් දැනුම පදනම් කරගත් රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේ දී ඇති කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.



    පසුගියදා පැවැති උත්සයකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය හෝටල් කර්මාන්තයේ රැකියා සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොමැති බවත්, නව ලොවට සරිලන විෂය හා ඒකාබද්ධ  වූ පාඨමාලා වැඩි කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.

    බදු ගැන කතා කරමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ 20% දක්වා තිබූ වැට් බද්ද 15%  දක්වා අඩු කිරීමට කටයුතු කළේ නව රජය බවයි.

    ඉදිරියේ දී ආයෝජන සහ නව සංවර්ධන ව්‍යාපෘතින් වලින් අදායම් උපයා වැට් බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බවත්  ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එකවර රුපියල් දස දහසකින් වැඩි කළේ යහපාලන රජය බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගර් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ ගෘහ ආර්ථීක විද්‍යා සංවර්ධන වැඩමුළුවේ  දෙවන අදියර යටතේ තෝරා ගත් පාසල් 150 ක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ  පසුගියදා පැවැති ගෘහ විද්‍යා විෂය උපකරණ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිණි

    මෙහිදී සෑම පළාතක්ම නියෝජනය වන පරිදි තෝරා ගත් පාසල් 150 කට මෙම උපකරණ ඛෙදාදීම සිදු කෙරෙනු අතර බස්නාහිර පළාතේ පාසල් 10 ක විදුහල්පතිවරුන් වෙත මෙම උපකරණ කට්ටල නිල වශයෙන් ඛෙදාදීම අද සිදු කෙරුණා. මෙහිදී එක් පාසලකට ලබාදීමට නියමිත උපකරණ කට්ටලයට විදුලි පෝරුණුවක් (Electric Oven), මිශ්‍රණ යන්ත්‍රයක් (Blender), ලිප් දෙකේ ගෑස් උඳුනක් (2 Burners Gas Cookers), පීඩන උදුනක් (Pressure cooker) සහ බත් පිසීමේ උපකරණක් (Rice Cooker) අඩංගු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya