ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බස් ගාස්තු ගැන වාර්තාව දෙසතියකින් අමාත්‍ය මණ්ඩලයට

    ජූලි 03, 2016

    බස් ගාස්තු සංශෝධනය කිරිම සදහා පවතින නිර්ණායකයන් වෙනස් කිරිමට විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත්, එම කමිටුව රැස්ව මේ පිළිබදව පෞද්ගලික බස් රථ හිමියන් හා අනෙකුත් අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්‍ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි.


    ඒ සම්බන්ධව ඇමැතිවරයා බස් හිමියන්ගේ සංගම් වෙත දැනුම් දී තිබෙන අතර ජුලි 01 වැනි දාට යෙදී තිබුණු බස් ගාස්තු සංශෝධනය පිළිබඳ බස් සංගම් සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු අනුව මෙම තීරණය ලබා දී තිබේ.

    එම වාර්තාව පදනම් කර ගනිමින් සකස් කරනු ලබන නිර්ණායකයන් මත බස් ගාස්තු සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ඇමැතිවරයා බස් හිමියන්ගේ සංගම් වෙත දැනුම් දී තිබෙන අතර  ජුලි මස 01 වෙනි දින වනවිට බස් ගාස්තු සංශෝධනය විය යුතු අතර එසේ නොමැති වුවහොත් බස් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි වන බවත් බස් සංගම් සාමාජිකයින්  ඇමැතිවරයාට දැනුම් දී තිබේ.


    එම කමිටුව සිය නිර්දේශ සති දෙකක් තුළදී අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසුව නව නිර්ණායකයන් සකස් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම නිර්ණායකයන් පදනම් කර ගනිමින් නව බස් ගාස්තු තීරණය කිරීමට ජාතික ගමනාගමන කොමිසමට නියෝග කරන බවත්, මෙම ප්‍රශ්නය විසඳීමට ගත හැකි නිත්‍යානුකූල පියවර මෙය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ඒ අනුව බස් සංගම් නියෝජිතයින්ට මේ පිළිබදව විද්වත් කමිටුව ඉදිරියේදී කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.


    රටේ පොදු ජනතාවට සුවිශේෂ ලෙස බලපාන බස්ගාස්තු වැඩි කිරීම අත්තනෝමතිකව කළ නොහැකි බවත් දැනට තිබෙන නිර්නායක අනුව අනුමැතිය දිය හැකිකේ 3.21%ක් බව මීට පෙර පැවති සාකච්ඡාවලදී අනාවරණය කළ බවත් ඇමැතිවරයා අවධාණය කරයි.

    පෞද්ගලික බස් රථ කර්මාන්තයටද අසාධාරණයක් නොවන පරිදි නීත්‍යානුකූල පදනමක් මත බස් ගාස්තු වෙනස් කිරිම සදහා සංගම් නියෝජිතයින් විසින් පෙන්වා දුන් පරිදි වර්තමාන මිල ගණන්වලට ගැලපෙන නිර්ණායකයන් සකස් කිරිම සඳහා විද්වත් කමිටුව පත් කිරීමට තමා පියවර ගත් බවත් තමා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය එක් දිනක් තුළදී ලබා ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසිය.

    කැබිනට් අනුමැතිය ලබාදුන් කමිටුව සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජිතයන් දෙදෙනෙක්, පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජිතයෙක්, මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක්, ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් හා මොරටු විශ්වවිද්‍යාල නියෝජිතයෙක්ගෙන්ද සමන්විත වේ.

    මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩබ්. එස් නාරංගොඩ මහතා ඇතුලු නිළධාරින් සහ සියලුම බස් රථ සංගම් නියෝජිතයෝ සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya