ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පළමු ශ්‍රේණයට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ සංශෝධනයක්

    ජූලි 05, 2016

    පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී මේ වසරේ නිකුත් කරන ලද 2017 වසර සඳහා සිසුන් අතුළත් කර ගැනීමේ චක‍්‍රලේඛය මගින් ආදි සිසුන්ට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සහ අභියාචනා හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වීම අවහිර කරමින් දක්වා තිබූ වගන්ති කිහිපයෙහි සංශෝධනයක් සිදු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව 2017 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් 2016.05.16 දාතමින් නිකුත් කර ඇති 17/2016 දරන චක‍්‍රලේඛයේ දරුවන් තෝරා ගැනීමේ කාර්ය පරිපාටියට ඇතුළත් 5.0 වගන්තිය යටතේ තෝරා ගැනීමේ කි‍්‍රයාපටිපාටියේ 5.3 හි දැක්වෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතියේ දී ආදි ශිෂ්‍ය ගණය යටතේ සම්මුඛ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ දී පමණක්  ආදි ශිෂ්‍ය නියෝජිතයෙකු පත් කිරීමට දී තිබූ අවස්ථාව වෙනුවට සියලූ ගණයන් යටතේ දරුවන් තෝරා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා ආදි ශිෂ්‍ය නියෝජිතයෙකු පත්කිරීමට හැකි පරිදි සංශෝධනයක් සිදු කර තිබේ.

     

    මීට අමතරව අදාළ චක‍්‍රලේඛයෙහි 10.2 වගන්තිය  "ඉ" කොටසෙහි (ආදි ශිෂ්‍ය ගණය යටතේ, අභියාචනා හා විරෝධතා පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී පමණක්  ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු සහභාගි කර ගත යුතුය. එම නියෝජිතයා විද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවිය යුතුය) යන වගන්තිය සංශෝධනය කොට සියලු ගණයන් සඳහා අභියාචනා හා විරෝධතා පරීක්ෂණ සිදු කරන අවස්ථාවන්හි දී ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකුට සහභාගිවීමට  අවස්ථාව හිමිවන පරිදි ද සංශෝධනයක් එක්කොට තිබේ.

     

    ඉහත දක්වන ලද සංශෝධනයන් සහ 17/2016 චක‍්‍රලේඛයෙහි සෙසු සියලු විධිවිධාන ඒ අයුරින්ම බලපැවැත්වෙන බව ද එම අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya