ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුරයට ගම් උදාවෙන් නිවාස 50 ක්

    ජූලි 05, 2016
    වකුගඩු රෝගීන් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ  නිවාස ව්‍යාපෘතියක් ඇති කිරීමටත් නිවාස ආධාර ලෙස එක් පවුලකට රු. ලක්ෂ පහක මුදලක් දීමටත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන්  කටයුතු සැලසුම් කර ඇතැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
    අනුරාධපුර, නොච්චියාගම, ඉහලගම නිවාස 50 කින් යුත් ගම් උදාව සදහා මුල් ගල් තැබීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ කීය .
     
    ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ වැඩිම නිවාස ව්‍යාපෘති ලබා දිලා තියෙන්නේ අපේ දිස්ත්‍රික්කයට. අද අපි ආරම්භ කරන මෙම නිවාස ව්‍යාපෘතිය හැරුණු විට නොච්චියාගම  ප්‍රදේශය සදහා  නව නිවාස ව්‍යාපෘතියක් ද මධ්‍යම නුවර ගම් පළාතට  එක් ගම්මානයක් විලච්චියට ගම්මාන දෙකක් තන්තිරිමලයට එක්ක ආදී වශයෙන් අපි නව ගම්මාන ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.මෙයට අමතරව රඹෑව ප්‍රදේශය සදහා ද එක් ගමක් සැදීමට අපි බලාපොරොත්තු වෙනව.
     
    මෙයට අමතරව නොච්චියාගම ප්‍රදේශයට ලක්ෂ 300 ක වියදමින් නව වී ගබඩාවක් හදන්න ලබන  මැයි මස මුල්ගල් තැබීමටත් ප්‍රදේශයේ අබලන් වු සියළු මාර්ග ඉදිරි වර්ෂාවට පෙර සංවර්ධනය කර නිම කිරීමටත් සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,මේ වසරේ අපි ලංකාවේ ලොකුම වී සැකසුම් යන්ත්‍රාගාරය අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.එයට අමතරව මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර සියළු සංවර්ධන කටයුතු ආරම්භ කරන්න අපි සැලසුම් කරල තියෙනව.
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ අමාත්‍යංශය යටතේ පවතින ඔයා මඩුව සත්ව ගොවිපළ සංවර්ධනය කිරීමටත් කිරි හරක් ආනයනය කිරීමටත් කුඩා ප්‍රමාණයේ කිරි සැකසුම් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමටත් සැලසුම් කර තිබෙනවා.එයට අමතරව පරසන්ගස් වැව සත්ව ගොවිපලට කිරි හරක් 1,500 ක් ගෙන්නන්න කටයුතු සැලසුම් කරලා තියෙනවා. මධ්‍යම නුවරගම් පළාත තුළ ලබන මාසයේ මාර්ග සංවර්ධන සතියක් ක්‍රියාත්මක කර ඒ ප්‍රදේශයේ තිබෙන සියළුම මාර්ග සංවර්ධනය කරන්න රු. ලක්ෂ 900ක් වෙන් කර තියෙනවා.
     
    මෙම අවස්ථාව සඳහා ජාතික නිවාස අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු, නොච්චියාගම පොලිස් ස්ථානාධිපතිතුමා, ප්‍රදේශීය දේශපාලඥයින් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.  
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya