ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිවාස දසලක්ෂයක් සූර්යබල විදුලි උත්පාදනයට එක් කරනවා- විදුලිබල ඇමැති

    ජූලි 08, 2016

    ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 100ක් පුද්ගලිකව නිපදවෙන සුර්යබල විදුලි අතිරික්තයන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් මුදල් ලබා දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මෙරටේ විදුලි නිෂ්පාදනයෙන් 50% ක පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් යොදාගෙන සිදු කිරීම විශාල ජයග‍්‍රහණයක් වුවත් ඉතිරි 50% සඳහා පොසිල ඉන්ධන, ගල් අඟුරු, ඩීසල් වැනි දේ යොදාගැනීමට සිදු වී තිබීම එක පැත්තකින් පරිසරය පිළිබඳ ප‍්‍රශ්නයක් බවත් තවත් පැත්තකින් දැවැන්ත විදේශ විනිමය ප‍්‍රමාණයක් වැයවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ රටේ ආනයන වියදමෙන් 40% ක්ම ඉන්ධන වෙනුවෙන් වැය වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන් හරි අඩක් වැයවන්නේ විදුලිබල නිෂ්පාදනයට බව ද සඳහන් කළේය.

    දැනට තිබෙන තත්ත්වය අනුව ජල බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති ඉඩකඩ අවම වේගෙන යන බැවින් සූර්ය සහ සුළං ප‍්‍රබවයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට පෙළඹිය යුතු බවත් ඒ සඳහා අපි  පහසු සරල ක‍්‍රමයක් හඳුන්වා දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    නිවාස දසලක්ෂයක ජනතාවට තමන්ගේ වහලය කුඩා විදුලි බලාගාරයක් බවට පත්කිරීමේ යෝජනාවක් ගෙන එන බවත්  ඒ අනුව මෙම නෙට් මීටරින් ක‍්‍රමය යටතේ සෑම නිවසක්ම කුඩා විදුලි බලාගාරයක් වන දිනය වැඩි ඈතක නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

    ඒ සඳහා අපි පහසු ගෙවීමේ ක‍්‍රමයට සූර්ය කෝෂ ලබාදීලා ඒ  මගින් ජනතාව සූර්ය විදුලිබල නිෂ්පාදනයට යොමුකරන අතර ඒ තුළින් තමන්ගේ නිවසට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණය නිපදවීමෙන් අනතුරුව අතිරික්තය සඳහා විදුලිබල මණ්ඩලය විසින් යම්කිසි නිශ්චිත මුදලක් ගෙවීමේ ක‍්‍රමයක් හෙවත් ශුද්ධ මනුකරණ ක‍්‍රමය ඇති කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙහි පළමු පාරිභෝගිකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේ වහලය කුඩා විදුලි බලාගාරයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබෙන් අතර එදිනම පාරිභෝගිකයන්ට තමන් නිපදවන අතිරික්ත විදුලි ඒකක වෙනුවෙන් ගෙවන මිල ගණන් ප‍්‍රකාශ කර රටට මේ පළදායි  වැඩපිළිවෙල හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව මෙම සූර්ය පැනල දස ලක්ෂය ස්ථාපිත කිරීමේ මූලික පියවර වශයෙන් එහි හඳුන්වාදීමේ ව්‍යාපෘතිය මීගමුව සහ කෝට්ටේ යන ප‍්‍රදේශ වලදී සිදු කෙරේ. මෙම නෙට් මීටරින් ක‍්‍රමය හා අනුගතවන නිවාස දසලක්ෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 100 ක් ලබාගත හැකිවණු ඇතැයි අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya