ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයින්ට ස්ථීර පත්වීම්

    ජූලි 11, 2016

    යුද සමයේ දී උතුරු පළාතේ රෝහල්වල සේවා කටයුතු සඳහා බදවා ගත් ස්වේච්ඡා සේවකයින් 128 ක් ස්ථීර කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබේ.

    ඒ අනුව එම පිරිස සහ ජනරජ සෞඛ්‍ය සේවා සංගමය එක්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර පිරිනැමීමේ  උත්සවයක් පසුගියදා යාපනය හෙද විද්‍යාලයේ දී පැවැත්විනි.

    යුද්ධය පැවති කාලයේ රෝහල්වල රෝගීන් බලා ගැනීම සඳහා ස්වේච්ඡා සේවකයින් 200 ක් පමණ බඳවාගෙන තිබුණු අතර ඔවුන් ස්ථිර කර ලෙස පසුගිය මැතිවරණ සමයේ දී ඉල්ලීමක් කර තිබුණු බවත්  ඒ අනුව 128 දෙනා ස්ථිර කිරීමට පියවර ගත් අතර අවම  සුදුසුකම් ඇති පිරිස ස්ථීර කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් සභා රෝහල්වල 900 ක් දෙනා ස්ථීර කර තිබෙන අතර තව මෙවැනි ස්වේච්ඡා සේවකයින් තව 600 දෙනෙකු සිටින බවත් එම පිරිසට ද  ඉදිරියේ දී ස්ථීර රැකියා ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා, ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අන්ගජන් රාමනාදන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩි කුරේ මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya