ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ‍්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ප‍්‍රකාශයට පත් කරයි

    ජූලි 22, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ‍්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක්  වශයෙන් ඊයේ (21) දින ප‍්‍රකාශයට පත් කළේ ය.

     ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ  අධ්‍යක්ෂිකා Dr Poonam ketrapal Singh මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය අමත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති විශේෂ උත්සවයක දීය.

     

    එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකාDr Poonam ketrapal Singh මහත්මිය විසින් එම සහතිකය සෞඛ්‍ය, පෝෂණ හා දේශීයවෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නමහතා වෙත ප්‍රදානය කරන ලදී.

     

    මෙම සහතිකය ලබාදීම සමග අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවන රට බවට ශ‍්‍රි ලංකාව පත්වේ. බරවා රෝගය තුරන් කල කලාපයේඅනෙක්රට වන්නේ මාලදිවයිනයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya